Thursday, March 28, 2024

ජම්මු-කාශ්මීර ත්‍රස්තවාදයට පාකිස්ථානය වගකිව යුතු බවට චෝදනා

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්තවාදයට සහ රැඩිකල්කරණයට පාකිස්තානය තවදුරටත් වගකිව යුතු බව විශේෂඥයින් සහ කාශ්මීර ඩයස්පෝරාව ඇම්ස්ටර්ඩෑම් හි පැවති සමුළුවකදී අනාවරණය කර තිබේ.

එරට විශ්ව විද්‍යාලයක දකුණු ආසියානු අධ්‍යයන සඳහා වූ යුරෝපීය පදනමේ (EFSAS) සමුළුවේදී විශේෂඥයින් සහ කාශ්මීර ඩයස්පෝරාව කියා සිටියේ ජිහාද් නාමයෙන් පාකිස්තානය ජම්මු හා කාශ්මීරයේ සිය ක්‍රියාකාරකම් අඛණ්ඩව කරගෙන ගිය බවත් එය ප්‍රදේශය තුළ රැඩිකල්කරණයට සහ ත්‍රස්තවාදයට හේතු වූ බවත්ය.

ජම්මු හා කාශ්මීරයේ ත්‍රස්තවාදය සහ රැඩිකල්කරණය’ යන මැයෙන් පැවති දෙදින සමුළුවේදී මේ බව ප්‍රකාශ කෙරිණ.

සම්මන්ත්‍රණයේ පළමු දිනයේ දී, දකුණු ආසියාතික ආරක්ෂාව පිළිබඳ කතුවරියක් සහ ඉන්දියාවේ හිටපු රොයිටර් කාර්යාංශයේ ප්‍රධානියා වන මයිරා මැක්ඩොනල්ඩ්, පැවසූයේ 1846 අම්රිත්සාර් ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස නූතන ජම්මු සහ කාශ්මීරය මතු වූ බවත් පාකිස්තානයේ සහ ඉන්දියාවේ ජාතික ප්‍රතිරූපයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බවයි.

කථිකයකු වන මෂාල් ‍රේඩියෝ හි කළමනාකාර කර්තෘ දාවුඩ් ඛට්ටක් දකුණු ආසියාවේ පවතින ත්‍රස්තවාදය සහ අන්තවාදී කල්ලි ව්‍යාප්තිය පිළිබඳව සාකච්ඡා කළ අතර ජම්මු හා කාශ්මීරයේ රැඩිකල්කරණය සහ ත්‍රස්තවාදය පිළිබඳ සමකාලීන ගැටලු සහ පාකිස්ථානය විසින් ජිහාද් නාමයෙන් කාශ්මීර කැරලිකරුවන්ට සහය දැක්වීම දක්වා සොයා ගත හැකි ආකාරය ගැන ඔහු සාකච්ඡා කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles