Friday, March 29, 2024

ආණ්ඩුව කැරලි මර්දනයට ග්‍රෙනේඩ ගෙනෙයි…!

කැරලි මර්දනයේදී සාමාන්‍යයෙන් භාවිත කරන කඳුළු ගෑස් වෙනුවට දැඩි තීව්‍රතාවයකින් යුත් වායුවක් භාවිත කිරීමට මෙවර පොලීසිය පියවර ගෙන ඇත.

මෙම CS Grenades භාවිත කරනුයේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම සහ භීෂණාත්මක ප්‍රචණ්ඩ සිදුවීම් පාලනයේදීය. ශ්‍රී ලංකා පොලීසිය පළමු වරට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනට මෙම වායු ප්‍රහාරය එල්ලකර ඇති බවට සාක්ෂි මේ වන විට ලැබී ඇත.ෙ

සාමාන්‍යයෙන් භාවිත වන කඳුළු ගෑස් උණ්ඩයක් තුළ තනි ටියුබාකාර කෑන් එකක් ඇති අතර එය එල්ල කළ පසු නැවත අහුලා විසිකළ හැකිය. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ග්‍රෙනේඩය ප්‍රහාරයෙන් පසු කොටස් තුනකට කැඩී ස්ථාන තුනකට පතිත වීමයි. එහිදී වැටුණු සැණින් එය බිඳී වායුව ස්ඵෝටනය වන අතර එය සාමාන්‍ය ලෙසින් දරාගෙන සිටීමට ඉතාම අපහසු බව පැවසෙනවා.

එමෙන්ම මෙහි ප්‍රබලතාව වාතය තුළ දිගු වේලාවක් රැදී පවතින නිසා. මේවාට ජල ප්‍රහාරයකින් මිස ප්‍රතිචාර දැක්විය නොහැකි බව පැවසෙනවා. N500 – CS HAND GRENADE නමින් හඳුන්වන මේ පිළිබඳ අන්තර්ජාලයේ තොරතුරු රැසක් ඇතුළත්.

මෙම ප්‍රහාරයකට පසු සාමාන්‍ය කඳුළු ගෑස් CN / OC GAS ප්‍රහාරයකදී මෙන් නොවන වමනය, පපුවේ දැවිල්ල, තාවකාලික අන්ධභාවය, ක්ලාන්තය ඇතිවිය හැකිය.

The Riot Control CS Grenade is designed specifically for outdoor use in crowd control situations with a high volume continuous burn that expels its payload in approximately 20-40 seconds through four gas ports located on the top of the canister. This grenade can be used to conceal tactical movement or to route a crowd. The volume of smoke and agent is vast and obtrusive. This launchable grenade is 6.0 in. by 2.35 in. and holds approximately 2.7 oz. of active agent.

  • High volume pyrotechnic grenades
  • Delivers large plumes of smoke and agent
  • Utilizes standard fuze
  • New launchable configuration utilizing Defense Technology® launching cups
  • Military canister style





Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles