Friday, April 19, 2024

රුසියාවෙන් නේටොවට තර්ජනයක්.

රුසියාව විසින් නේටෝ සංවිධානයට ප්‍රබල අනතුරු ඇගවිමක් සිදුකර තිබෙනවා. ඒ, ස්විඩනය සහ ෆින්ලන්තය පදනම් කරගනිමින්. ඒ අනුව රුසියාව පවසන්නේ ස්විඩනය හා ෆින්ලන්තය අමෙරිකාවේ ප්‍රධානත්වයෙන් යුත් නේටෝ සංවිධානය සමග එක්වුවහොත් සිය න්‍යෂ්ටික අවි සහ හයිපර්සොනික් මිසයිල යුරෝපය තුළ ස්ථාපිත කරන බවයි. 

එවැනි සිදුවීමකින් අනතුරුව කිසිඳු සාකච්ඡා මාර්ගයකට අවතීර්ණවීම ඵලක් නොවනු ඇති බවත් රුසියාව අවධාරණය කළා. රුසියාවට සමීපව පිහිටා ඇති ෆින්ලන්තය හා ස්විඩනය නේටෝ සංවිධානය සමග එක්වීමට කටයුතු සම්පාදනය කරමින් සිටින බවටයි මේවනවිට වාර්තා පළ වන්නේ. 

රුසියාව ඊට දැඩි විරෝධය පළ කරනවා. රුසියාව, යුක්රේනයට එරෙහිව යුද ප්‍රකාශ කළේද යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා උත්සහ කිරීමට විරෝධය පළ කිරීමක් ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles