Wednesday, April 24, 2024

යුක්රේන යුද්ධයෙන් චීනයට අනතුරු ඇඟවීමක්

සෙබළුන් සහ යුද උපකරණ අහිමිවීම් සමඟ යුක්රේනයේදී රුසියානු හමුදාව මුහුණදෙන දරුණු පසුබෑම්, තායිවානය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට සිහින දකිමින් සිටින චීනයට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ඉතාලි භූ දේශපාලන විශේෂඥ සර්ජියෝ රෙස්ටෙලි පෙන්වාදෙයි.

ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙත විශේෂ ලිපියක් ලියමින් රෙස්ටෙලි සඳහන් කර ඇත්තේ, අධිරාජ්‍යවාදී අභිලාෂයන් සහ යුද්ධයේ යුගය අවසන් වී ඇති බවයි.

ගැඹුරු වාණිජ, තාක්‍ෂණික සහ මනුෂ්‍යය සම්බන්ධකම් ඇති වර්තමානයේ දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බලය භාවිත කළ හැකි නොවන බව පැහැදිලි බව ඔහු තවදුරටත් අවධාරණය කර තිබේ.

සර්ජියෝ රෙස්ටෙලි පවසන්නේ ලොව සියලුම ජාතීන් සාමය සඳහා පෙළගැසී ඇති බවත්, බලය යෙදවීමේ තර්ජනවලට පිළිතුරු නොලැබෙන බවත්ය.

රුසියාව දැන් මිල අධික විනාශකාරී යුද්ධයක පැටලී ඇති අතර, දැන් එයට විශාල පිරිවැයකින් ඔබ්බට කිසිදු ජයග්‍රහණයක් බලාපොරොත්තු විය නොහැකි බවද සර්ජියෝ රෙස්ටෙලි සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇත.

රෙස්ටෙලි පවසන්නේ තායිවානය සම්බන්ධයෙන් චීනයේ ඇල්ම  රුසියාවේ අවිනිශ්චිතභාවයට බෙහෙවින් සමාන බවයි.

තායිවානයේ පවතින තත්ත්වය වෙනස් කිරීමට ගන්නා ඕනෑම යුද උත්සාහයක් එක් අතකින් චීන ආර්ථිකයට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක පැනවීමටත්, අනෙක් පැත්තෙන් තායිවානයට බහුල වශයෙන් මිලිටරි සහ මූල්‍ය ආධාර ලබා දීමටත් වහාම රටවල් ඉදිරිපත් වනු ඇති බව චීනය හොඳින් දන්නා ඔහු පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles