Tuesday, April 23, 2024

රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවක්..

රටේ පවතින ඉන්ධන හිඟය මත වියදම අවම කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයන් වැඩට කැඳවීම සිමා කරන්නේ නම්, ඒ අනුව නිවසේ සිට රාජකාරි කරන සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට සිදුවන බව පැවසේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රධාන පුවත්පතකට ඒ බව කියා සිටියේය.

මේ මොහොතේ රාජ්‍ය සේවකයන් කැඳවීම සීමාකරන ලෙස යෝජනා කරන පිරිස් මෙවැනි වැටුප් කප්පාදුවක් සඳහා එකඟතාවක් පල කරන්නේ නම් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට තමා සුදානම් බව ද ලේකම්වරයා සඳහන් කළේය.

යම් වියදමක් දරා සේවයට පැමිණෙන පිරිසට ගෙවන වැටුප් ප්‍රමාණයම කිසිදු වියදමක් නොමැතිව නිවසේ සිට රාජකාරි කරන පිරිසටත් ගෙවීම අසාධාරණ බවද ලේකම්වරයා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles