Friday, April 19, 2024

කොවිඩ් වසංගතය මැද ජීවිතය දිනන හැටි ඉගැන්වූ කාශ්මීර තරුණිය

ඉන්දියාවේ ජම්මු ප්‍රදේශයේ සානා ගුප්තා ඇගේම ව්‍යවසායක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළේ කොවිඩ් වසංගතය උච්චතම අවස්ථාවේ ඇයගේ නිවසේ බිත්ති හතරට සීමා වූ මොහොතේදීය.

කොවිඩ් අගුලු දැමීම ඇයට ඇගේ කුසලතා ඔප් නැංවීමට අවස්ථාව උදා කළ අතර ඇය , ඇගේ මව සහ සහෝදරියගේ සහාය ඇතිව ඇගේ නිවසේ දී සාම්ප්‍රදායික ඉවුම් පිහුම් විවිධ නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දියුණු කිරීම‍ට කටයුතු කළාය.

සානා ගුප්තා ගාන්ධිනගර්හි කාන්තා රජයේ විද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය (B.Com) හදාරන අතර ඇයගේ අලෙවිසැල විවෘත කිරීමට පෙර ජම්මු විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක් කිරීමටද අපේක්ෂා කරයි.

සානා ගුප්තා වර්තමානයේ අක්නූර් පාරේ බාර්නායි හි ‘බැටර් ඇන්ඩ් ක්‍රම්බ්ස්’ නමින් සිය ව්‍යාපාරය ආරම්භ කලේ ඇය නිවසේදී කේක්, කප් කේක් සහ විවිධ චොකලට්, බ්‍රව්නී, වියළි කේක් සහ බොහෝ දේ සකස්කිරීම පිළිබඳ විශේෂඥවරියක් බවට පත්වෙමිනි.

ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ වට්ස්ඇප් හි ඇයගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කරන අතර එහිදී ඇයට විශාල සහයෝගයක් සහ ඇණවුම් ලැබෙනව බව සදහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles