Friday, March 29, 2024

සෞදිය සහ ඉන්දියාවට එකට අභ්‍යවකාශයට

සෞදි අභ්‍යවකාශ කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය මොහොමඩ් බින් සවුද් අල්-ටමිමි ඉන්දියාවේ විශේෂ සංචාරයක් සිදුකර ඇත.

මේ අසන්චාරයේදී ඔහු ඉන්දීය රජයේ ආයතන කිහිපයක්, සමාගම් සහ අභ්‍යවකාශ අංශයේ ප්‍රධානීන් සමග, අභ්‍යවකාශ ආර්ථික ක්ෂේත්‍ර‍යේ සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ ක්‍රම සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් ගොඩනැගීමේ අවස්ථාවන් ගැන සාකච්ඡා කර තිබේ.

සිය ඉන්දීය සංචාරය අතරතුර, අල්-ටමිමි යූ ආර් රාඕ චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ (URSC) නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.

දැනට ක්‍රියාත්මක ප්‍රමුඛතම ව්‍යාපෘතිවලට අමතරව චන්ද්‍රිකා නිෂ්පාදනය, සැලසුම් කිරීම සහ දියත් කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින නවතම තාක්‍ෂණයන් සම්බන්ධයෙන් ද ඔහු දැනුවත් කෙරුණි.

ඔහු ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) සභාපති ශ්‍රීධර පනික්කර් සෝමනාත් සමඟ ඉන්දියාවේ සාර්ථක අත්දැකීම් සහ අභ්‍යවකාශ කර්මාන්තවල වර්ධනයේ ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රම පිළිබඳව ද සාකච්ඡා කඅර ඇත.

Al-Tamimi විසින් ඉන්දියානු අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ ආයතනයේ (IIST) අධ්‍යක්ෂවරයා සමග සෞදි අරාබියේ අභ්‍යවකාශ වැඩසටහන් සහ එහි තාක්ෂණයන් දියුණු කිරීම පිළිබඳ සාකච්ඡා කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles