Saturday, April 20, 2024

සති දෙකකට පාසල් රජයේ ආයතන වසයි?

පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට සතියක් හෝ සති දෙකක කාලයක් සියලු රාජ්‍ය ආයතන සහ පාසල් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.

ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (17) පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදී ගනු ඇති බවද සඳහන්.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වලට අද (17) දින නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles