Friday, April 19, 2024

SEX ‘ක්‍රීඩාවක්’ බවට පත්වේ… ස්වීඩනයෙන් සූරතාවලියක්….

ලෝකයේ බොහෝ රටවල් ‘සංසර්ගය’ විවෘතව කතා නොකරන තත්ත්වයක් තුළ ස්වීඩනය අභියෝගාත්මක තීරණයකට එළඹ ඇත. ඒ් සංසර්ගය ක්‍රීඩාවක් බවට පත්කිරීමෙනි.

ආසියානු රටවල් වල රතිය ක්‍රීඩාවක් සහ කලාවක් ලෙස සැලකුවද එය බොහෝ රහසිගතව ක්‍රියාත්මක වූවක් මිස ප්‍රසිද්ධියේ රති ක්‍රීඩාවේ යෙදුනු අවස්ථා වාර්තා නොවේ. ඒ් අතර කලාත්මකව නිර්මාණයක් ලෙස රතිය භාවිත කළ අවස්ථා ආසියාව තුළ අවශ්‍යතරම් සාධක විද්‍යාමාන වේ.

පළමු යුරෝපීය සෙක්ස් තරගාවලිය ජුනි මස 8 වැනිදා ස්වීඩනයේදී පැවැත්වීමට මේ වන විට කටයුතු යොදා ඇත. ස්වීඩන් සෙක්ස් පදනම විසින් මෙහෙයවනු ලබන ඒහි තරග ඉසව් අතර ලිංගික තරග දවසේ පැය හයක කාලයක් පුරාත්, එක් තරගයක් මිනිත්තු හතළිස්පහක කාලයකින් යුක්තවීමත් මෙහිදී කැපී පෙනෙයි.

විවිධ රටවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිදෙනෙකු මේ වන විට මීට සහභාගී වීමට කැමැත්ත පළකර ඇති අතර, ජයග්‍රාහකයින් තීරණය කරනු ලබන්නේ තිදෙනෙකුගෙන් යුත් ජූරියකින් වීම විශේෂයත්වයකි.

සෑම තරග ඉසව්වකම, ලකුණු 5 -10 ත් අතර ප්‍රමාණයක් ලබාගත හැකි අතර, සෑම තරගකරුවෙක්ම ඉසව් 16කට පෙනී සිටිය යුතුය. ඒ්වා අතර මෞඛ ලිංගනය, සුරතාන්ත ප්‍රමාණය, සුරතල් ක්‍රම, ඒරෝටික කලාප, රමණීය රමණ ඉරියව්, සංසර්ග ඉරියව්, පවිත්‍රතාව හා මනා විනයානුකූල ක්‍රීඩාවේ යෙදීම් ආදිය මෙහිදී සැලකිල්ලට භාජන වනු ඇත.

ඔ්නෑම ලිංගික දිශානතියකින් යුත් අයෙක්ට මේ සඳහා සහභාගී විය හැකිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles