Friday, March 29, 2024

SLIIT ආයතනය රජයට පවරා ගන්නවා..! – ඇමති බන්දුල

යහපාලන රජය විසින් පෞද්ගලික අංශයට විකුණා දැමූ මාළඹේ SLIIT ආයතනය නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින කෑගල්ල ප්‍රදේශයේ ලංකා සතොස නව අළෙවිසැලක් විවෘත කිරීමේ අවස්ථාව සඳහා එක් වෙමිනි.

වැඩිදුරටත් මෙි පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මහපොළ අරමුදල් මණ්ඩලය යටතේ පැවති SLIIT ආයතනය සම්පූර්ණයෙන්ම දේපළ අවභාවිතයක් කරලා පුද්ගලික අංශයට අළෙවි කර තිබෙනවා. ඒ තරම් විශාල හොරකමක් මහපොළ ඉතිහාසයේ කවදාකවත් සිද්ධ වී නැහැ. කීර්තිමත් වෙළෙඳ අමාත්‍යවරයෙකු වූ දිවංගත ලලිත් ඇතුළත්මුදලි අමාත්‍යවරයා විසින් අමාරුවෙන් නිර්මාණය කළ මහපොළ අරමුදල සුරක්ෂිත කර පෝෂණය කරනවා වෙනුවට මහපොළ තිබුණ දේපළ වත්කම් සියල්ල අයථා ලෙස අපහරණය කරලා පවරලා දී තිබෙනවා.

ඒ සඳහා ජනාධිපති කොමිෂන් සභාව, පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව ඇතුළු අනෙකුත් සියළුම පාර්ශ්වයන් අපක්ෂපාතීව පිළි අරන් තිබෙනවා ලංකා ඉතිහාසයේ මහපොළ යටතේ සිදු වූ විශාලතම වංචාව මෙය බවත් දැන් ඒ වරද නිවැරදි කිරීමට කාලය එළඹ ඇති බවත්. අපි අනාගත කාලය තුළදී නීති අංශ සමඟ සාකච්ඡා කර නැවතත් මාලඹේ SLIIT ආයතනය මහපොළ යටතට පත් කිරීමට කටයුතු කරනවා.”

News19

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles