Thursday, April 25, 2024

මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්..

මහජන බැංකුව විසින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය ප්‍රචාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව මහජන බැංකුව කිසිදු ආයතනයක ණය අයකර නොගත් බොල් ණය ලෙස කපාහැර සිදුකර නොමැති බව අවධාරණය කරයි.

නියමිත කාලසීමාවක් සඳහා මූලික ණය හෝ පොලී ගෙවීම් සිදුකර නොමැති ණය අක්‍රීය ණය වන අතර ඒවා අදාළ පාර්ශ්ව වෙතින් අය කරගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

පසු විපරම්, සාකච්ඡා, වෙන්දේසි කිරීම සහ නඩු පැවරීම වැනි ක්‍රියා තුළින් එය ආපසු අය කරගැනීමේ ක්‍රියාවලිය බැංකුව විසින් අනුගමනය කරන බව ද මහජන බැංකුව විසින් වැඩිදුරටත් පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles