Wednesday, April 24, 2024

එය තවත් පරීක්ෂණ නෞකාවක් නොවේ!

පසුගිය දිනවල කතාබහට ලක්වුණු නෞකාවේ පැමිණීම ගැන ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය අවස්ථා දෙකකදී අදහස් දෙකක් දරනු දක්නට ලැබුණි.

It is not a research vessel … it’s a surveillance vessel with capabilities of tracking ICBM and satellites ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණෙමින් ඇති චීනයේ ඔත්තු බැලීමේ නෞකාවක් වන ‘යුවාන් වැන්ග්-5’ සම්බන්ධයෙන් ඉන්දියාව සිය බරපතල කනස්සල්ල ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පළකර ඇත. මෙම අධි තාක්ෂණික පර්යේෂණ නෞකාව ලබන අගෝස්තු 11වැනිදා සිට 17වැනිදා දක්වා හම්බන්තොට වරායේ රැඳී සිටීමට නියමිතය. ඉන්දියාව මෙලෙස සිය ප්‍රබල අවධානය අදාළ නෞකාව සම්බන්ධයෙන් පළකර ඇත්තේ අදාළ නෞකාව සතුව පවතින ඉන්දියානු සාගර කලාපයේ විශාල පරාසයකට බලපෑම් කිරීමේ හැකියාව හේතුවෙනි.

යුවාන් වැන්ග්-5 නෞකාව චීන නාවික හමුදාවේ ‘උපාය මාර්ගික සහායක හමුදාවට’ අයත්වන අතර චන්ද්‍රිකා, රොකට් සහ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල මෙහෙයවීමට එය යොදාගනු ලබයි. වාර්තා අනාවරණය කරන ආකාරයට මෙම නෞකාව චීනය වෙනුවෙන් පර්යේෂණ මෙහෙයුම් 80කට වැඩි සංඛ්‍යාවක් සාර්ථකව අවසන් කර ඇති අතර චීනය අත්හදා බලන ‘Long March 5B’ මිසයිලයට මග පෙන්වීමද ඊට ඇතුලත්වේ. එමනිසා යුවාන් වැන්ග්-5 යනු තවත් එක සම්ප්‍රදායික මිලිටරි නෞකාවක් නොවේ. එය තුවක්කු සවිකරගත් නෞකාවක් පමණක් නොවේ. එය ‘ලුහුබැඳීම්’ සිදුකළ හැකි නෞකාවකි. චීනය පවසන්නේ එය පර්යේෂණ නෞකාවක් ලෙසිනි. එය නිර්මාණය කර ඇත්තේ 2007 වසරේදීය. එහි දිග මීටර 220කි. නෞකාවේ මෙතෙක් කාර්යභාරය වී ඇත්තේ පෙරකී ලෙස චන්ද්‍රිකා, රොකට් සහ අන්තර් මහද්වීපික මිසයිල ලුහුබැඳීමයි. එහි ආවරණ කලාපය අවම තරමින් කිලෝමීටර 750කි. එනම් එම දුර ඇතුලත පිහිටි ඉන්දීය සම්පත් ඉලක්ක කර ගවේෂණ සිදුකිරීමේ හැකියාව මෙම චීන නෞකාව සතුව පවතී. එමනිසා ඉන්දියාව මෙම නෞකාව පිළිබඳව විශාල අවධානයක් දැක්වීම පුදුමයට කරුණක් නොවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles