Thursday, April 25, 2024

T20 කුසලානයේ පළමු කාණ්ඩය තවමත් විවෘතයි…

ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරග 9 ක් අවසන් වන විට පළමු කාණ්ඩය සම්පූර්ණයෙන්ම විවෘත කාණ්ඩයක් බවට පත්ව තිබේ. නවසීලන්තය, ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ඇතුළත් වඩාත් අසීරු කාණ්ඩය ලෙසින් සැලකෙන පළමු කාණ්ඩයේදී අද පැවැති තරග දෙකක් වන අයර්ලන්තය හමුවේ එංගලන්තය පරාජය වීමත්, ඇෆ්ඝනිස්ථානු – නවසීලන්ත තරගය වර්ෂාවට සේදී යාමත් නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ.

තරග දෙකක් නිමාවේදී නවසීලන්තයට ප්‍රසාද ලකුණු 3 ක් හිමිවී තිබෙන නමුත් තරග දෙකක් බැගින් අවසන් කරගත් ශ්‍රී ලංකාව, එංගලන්තය, අයර්ලන්තය මෙන්ම ඕස්ට්‍රේලියාවත් ප්‍රසාද ලකුණු 2 ක් බැගින් ලබා සිටිති.

පසුගිය තරගයේදී පන්දු පහක් යවා ආබාධයට ලක්වූ බිනුර ප්‍රනාන්දු අද ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles