Saturday, April 20, 2024

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය අද

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි.

ඒ අයර්ලන්ත කණ්ඩායම සමගයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) රාත්‍රී 7.30ට අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව තරගාවලියේ සහභාගි වූ පළමු තරගයෙන් ජයගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රාහි මානසිකත්වයෙන් යුතුව අද අයර්ලන්තය හමුවීමට නියමිතය.

සහභාගී වන අනෙක් තරගය නෙදර්ලන්තය සමගින් පැවැත්වීමට නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම නායක දසුන් ශානක විසින් මෙහෙයවනු ලබන අතර අයර්ලන්ත කණ්ඩායමේ නායකත්වය ඇන්ඩි බල්බි‍්‍රන් විසින් දරනු ලබයි.

පෙරේදා පැවති තරගයෙන් ශ‍්‍රී ලංකාව නැමීබියා කණ්ඩායම පරාජය කරමින් කඩුලූ 7 ක පහසු ජයක් ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles