Thursday, April 18, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානයට තායිවානයෙන් දොස්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) තීරණ ගැනීමේ ආයතනය වන 75 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවට ආරාධනයක් නොලැබීම පිළිබඳ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි කනගාටුව සහ අතෘප්තිය ප්‍රකාශ කර තිබේ.

“තායිවානයට ආරාධනයක් කිරීමට නොහැකිව ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත වරක් වෘත්තීයමය වශයෙන් සහ දේශපාලනික වශයෙන් මධ්‍යස්ථව සිටීමට අපොහොසත් වීම ගැන අපි දැඩි ලෙස කනගාටු වන්නෙමු”යැයි තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා ජොඈන් ඕ (Joanne Ou) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

පවතින කොවිඩ්-19 වසංගතය සැලකිල්ලට ගෙන, අවශ්‍ය සහ හදිසි නිරීක්ෂකයෙකු ලෙස ලෝක සෞඛ්‍ය සමුළුවෙ හි තායිවානයේ සහභාගීත්වය සඳහා පුළුල් ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය නොසලකා හැර ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

ලෝක සෞඛ්‍ය සමුළුවට තායිවානය ඇතුළත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයන් වන තායිවානයේ රාජ්‍ය තාන්ත්‍රික හිතවතුන් 13 දෙනෙකු WHO ලේකම් කාර්යාලය වෙත යෝජනාවක් යවා ඇති බව ද ඇය පවසා තිබේ.

එම ලෝක සෞඛ්‍ය සමුළුව මැයි 22 වන දින ජිනීවා හි දී ආරම්භ වී මැයි 28 වන දින දක්වා පැවැත්විණ.

නිල වශයෙන් චීන ජනරජය ලෙස නම් කරනු ලැබූ තායිවානය වසරකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිය ආසනය අහිමි වීමෙන් පසු 1972 දී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නෙරපා හරිනු ලැබීය.

2009 සිට 2016 දක්වා චීන තායිපේ යන නාමය යටතේ ලෝක සෞඛ්‍ය සමුළුවෙහි නිරීක්ෂකයකු ලෙස සහභාගී වීමට හැකි වුවත් 2017 සිට තායිවානය ස්ථාවර රාජ්‍යයක් යනුවෙන් පෙනී සිටීම පිළිබඳ චීන විරෝධය හේතුවෙන් තායිවානය මේ වන විට ලෝක සෞඛ්‍ය සමුළුවෙන් බැහැර කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles