Friday, April 19, 2024

පාකිස්තානයේ සහ ඉරානයේ විරෝධතාවලින් වළකින ලෙසට ඇෆ්ගන් සරණාගතයින්ට දැනුම්දීමක්

පාකිස්තානයේ සහ ඉරානයේ විරෝධතාවලට සහභාගි වීමෙන් වළකින ලෙස ඇෆ්ගනිස්තානයේ තලේබාන් සරණාගතයින් සහ ඔවුන් යළි ගෙන්වා ගැනීමේ අමාත්‍යාංශය විසින් ඇෆ්ගන් සරණාගතයන් වෙත අවධාරණය කර ඇත.

අදාළ විරෝධතා, පාකිස්ථාන සහ ඉරාන අභ්‍යන්තර කටයුතු බැවින් ඇෆ්ගනිස්ථාන සරණාගතයින් හට විරෝධතාවලට සහභාගී නොවන ලෙස ඉල්ලා සිටි බව තලේබාන් සරණාගතයින් සහ නැවත ගෙන්වා ගැනීම පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් රහ්මන් රෂීඩ් පවසයි.

පෙළපාලියෑම ඉරානයේ සහ පකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු බවත් ඔවුන්ගේ ජනතාව පෙළපාලි යනු ඇති බවත් එමගින් ඇෆ්ගනිස්ථාන සරණාගතයින්ගේ ජීවිතය විනාශ නොකර ගත යුතු බවත් ඔහු පසුගියදා නිකුත් කරන ලද වීඩියෝ පණිවිඩයක වැඩිදුරටත් සදහන් කර ඇත.

හිජාබය අනිවාර්යෙන් පැළදීම පිළිනොපැදීම හේතුවෙන් ඉරාන පොලිසිය විසින් රඳවාගෙන සිටියදී ඉරාන ජාතික කාන්තාවක් (22) මිය යාමෙන් පසු ඉරාන රජයට එරෙහිව පෙර නොවූ විරූ ආකාරයේ මහජන විරෝධතා රැල්ලක් ඇති විය.

අමිනීගේ මරණයෙන් ඇති වූ මෙම පුලුල් විරෝධතා, 1979 විප්ලවයෙන් පසු ඉරාන රජය සහ නායකත්වය මුහුණ දුන් විශාලතම අභියෝගයයි.

සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් (UNHCR) කාර්යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, තලේබාන් ඇෆ්ගනිස්ථානය පාලනය කිරීමට පෙර, ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයන් මිලියන 3.4 ක් ඉරානයේ ජීවත් වී තිබේ.

කෙසේවෙතත්, UNHCR ප්‍රකාශ කළේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය අත්පත් කර ගැනීමෙන් පසු ලක්ෂ සංඛ්‍යාත ඇෆ්ගනිස්ථානුවන් පිරිසක් ඉරානයට පලා ගිය බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles