Saturday, April 20, 2024

“ජනාධිපතිතුමා, බුදු දහමට අනුව නුවණැත්තෙක්,පඬිවරයෙක්..”

මෙරටේ නිර්මාණය වී ඇති සහල් හිගයට මෙන්ම මෙම දැවැන්ත ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් ගැන ඕමල්පේ සෝහිත හිමියන් ප්‍රකාශයක් සිදු කරා. එනම්,

සහල් හිඟයට ප්‍රධානතම හේතුව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශ කරන ලද අනාවැකියක්. ඉතාමත් දැඩි හාල් හිඟයකට රට මුහුණ දෙන්න සිදු සිදු වෙනවා ය කියන කනගාටුදායක ආරංචිය ඔහු ප්‍රකාශ කළා පමණයි හාල් හිඟයක් නිර්මාණය වුණා.

නිර්මාණය වුණු හාල් හිඟය ඊළඟ පියවර මොකක්ද මොකක්ද වැඩි මිලකට හාල් විකිණීම. මෙන්න මේ අසාධාරණ ව්‍යාපාරය ඉදිරියට මුළු රටටම බලපානවා. මේකටත් ප්‍රධාන හේතු වුණේ දුරදිග නොබලා වගකිවයුත්තන් කරන ප්‍රකාශ යි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම කෘෂිකර්ම අමාත්‍යංශය වගකිව යුතුයි. පාරිභෝගික අධිකාරිය වගකිව යුතුයි’ යයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කීය.

උන් වහන්සේ මෙම අදහස් පල කර සිටියේ රටේ පවතින වත්මන් තත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී මාධ්‍ය හමුවක් කැදවමිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ,

‘සහල්වලට පාලන මිලක් නියම කර කරගැනීමට බැරිව ආණ්ඩුව අකර්මණ්‍ය උනා.ආණ්ඩුව අංගවිකල වෙලා. සෑම අංශයකින්ම බැලුවාම අද පාරිභෝගික අධිකාරියක් නැහැ.මිල නියමයක් නැහැ මිල නියම කරන්නේ නිෂ්පාදකයෝ සහ අතර මැදි ව මෙන්ම ව්‍යාපාරිකයන්. මේක නිසා ජනතාවට මහත් දුක්ඛ වේදනාවන් රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. මේ දරාගත නොහැකි උසුලාගත නොහැකි සහල් මිල පාලනය කළ යුතුයි.

සඟවාගෙන ඇති සහල් වැටලීම් කරල අරගෙන නැවතත් වෙළඳපොලට නිකුත් කර යුතුයි. මේ ජන අසාධාරණයෙන් ජනතාව බේරා ගත යුතුයි. මෙය කෘතිම ලෙස ඉහළ යන සහල් මිල වහාම අඩු කළ යුතුයි. රජය ඒ සම්බන්ධයෙන් පාලන මිලක් නියම කොට පවත්වාගෙන යාමට නීතිමය බලය යොදවිය යුතුයි. හාල් ඛේදවාචක ඛේදවාචකය සම්බන්ධයෙන් මුළු රටම දරුණු ඛේදවාචකයක් පත්ව තැන්පත් වීමට කරුණු පහළ වෙලා තියෙනවා.

විශේෂයෙන්ම සහල් නිෂ්පාදනය කරන වලව විශේෂ බල ප්‍රදේශය වැනි ප්‍රදේශයක් ගත්තාම මේ කාරණාවේ බරපතලකම තේරුම් ගන්න පුළුවනි. දැන් ඇඹිලිපිටියේ වර්තමානයේ අද වන විට හාල් මිල රුපියල් 300 ට ආසන්නයි 270 ට වඩා වැඩියි. පෙරේදා වන විට රුපියල් 220 තිබුණු සහල් අසාමාන්‍ය ලෙස කෘතීම ලෙස මේ ආකාරයෙන් වැඩි උනේ කෙසේද. අපි දන්නා පරිදි සාමාන්‍යයෙන් දින දහයක් පමණ ඇතුලත 220,230,240,250, අද 270 යි.

සහල් නිෂ්පාදනය කරන ඇඹිලිපිටිය ප්‍රදේශයේ තත්වය මෙහෙමනං අනෙක් ප්‍රදේශ වල තත්වය පිළිබඳ කියන්න දෙයක් නැහැ. ඇයි මෙවන් හදිසි මිල යමක් සිදු වුණේ. හාල් මෝල් හිමියන් කියනවා තමනුත් පුදුම වෙනවා ඇයි මෙහෙම වුනේ කියලා. සමහර වෙළඳුන් දැන් කෘතීම සහල් හිඟයක් මවනවා තියෙන සහල් හංගලා. පසුගියදා බීබීසී ලෝක සේවයට ප්‍රකාශයක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා තමන් අසාර්ථක ජනාධිපතිවරයෙක් බව. 

අසාර්ථක ජනාධිපති වරයෙක් වශයෙන් ඒ තනතුරෙන් ඉවත් වීමට තමන් සූදානම් නැහැ. ඉදිරි ඉතිරි නිල කාලයක් තමන් රාජකාරි කටයුතුවල නියැළෙනවා කියන බව එතුමා ප්‍රකාශ කළා. බුද්ධ ධර්මයට අනුව යමෙක් තමන්ගේ දුර්වලකම නොහැකියාව අසමත් බව අනුවණ බව ප්‍රකාශ කරනවා නං ඒ කාරණාව අතින් ඔහු පඬිවරයෙක්. නුවණැත්තෙක් කියලා.ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මා තමන්ගේ නොහැකියාව තමන්ගේ අසාර්ථක භාවය පිළිබඳව පළ කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා.

කුමක් හෙයින් ද හෙයින් ද ඒ කාරණාව අතින් එතුමා තමන්ගේ බුද්ධිමත් භාවය එතනින් ප්‍රකාශයට පත් කළ නිසා. දැන් තමන් අසාර්ථක නම් තමන්ගේ කටයුතු දුබල ද දුබල තාවයෙන් යුතු නම් අවශ්‍ය කරන බුද්ධිමය ශක්තිය මෙහෙයුම් ශක්තිය ක්‍රියාශීලිත්වය තමන් තුළ තිබුණේ නැහැ කියලා පිළිගන්නවා නම් එතන ඉදල හැදෙන්න පුළුවනි. ඇයි ඔබතුමා අසාර්ථක වුණේ. ඔබතුමාගේ මේ මහා අසාර්ථක භාවයට ප්‍රධානතම හේතුව වැරදි උපදෙස්.

ඔබතුමා උපදෙස් ගත්තේ දේවාල කපුවන්ගයෙන් කට්ටඩියන්ගේ ආත්මාර්ථකාමී නිලධාරීන්ගෙන් හිතවතුන්ගෙන් පවුලේ උදවියගෙන්, මෙන්න මේ වැරදි උපදෙස් නිසා තමයි ඔබතුමා අසාර්ථක වුණේ. ඒ අසාර්ථක භාවයත් එක්කම සමස්ත ශ්‍රී ලංකා ජනතාවම මහත් විපතකට පීඩාවකට පත් වුණේ ඔබතුමා අසාර්ථක භාවය නිසා. දැන්වත් හැදෙන්න උත්සාහ ගන්න ඉතාමත් ඉක්මනින් නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙනවා.

පසුගිය අප්‍රේල් හතරවැනිදා4 වැනිදා අතිපූජ්‍ය මහනායක මාහිමිපාණන් වහන්සේලා දුන් උපදෙස්. ඒ උපදෙස් පත්‍රිකාවේ කරුණු හයක් තියෙනවා.ඒ එකම කරුණක්වත් ඔබතුමා ඉෂ්ට කරලා නැහැ. එපමණකුත් නොවේ බුද්ධිමත් උපදේශක මණ්ඩලයක් බුද්ධිමතුන් විසින් දෙන ලද නියාමනයක් මගපෙන්වීමක් පිළිගන්න බවක් පේන්නෙ නැහැ. ඒ නිසා දැන්වත් නිවැරදි වෙන්න වෙන්න ජනාධිපතිතුමනි, මේ රටේ ජාතික ධනය මහා පරිමාණ කොල්ල කෑමකටවංචාවකට ගොදුරු වෙලා තියෙනවා.

මේ වංචනිකයෝ වහාම අල්ලන්න. ඔවුන්ට නීතිමය ආකාරයෙන් දඬුවම් දෙන්න. පැහැරගනු ලැබූ ධනය යළිත් මහා භාණ්ඩාගාරයට ගේන්න. මෙන්න මේ කාරණය රට ගොඩ ගැනීමට ප්‍රධාන පියවරක් පමණක් නෙවෙයි ඔබතුමා ගැන ජාතික සහ ජාත්‍යන්තර තලයේ ම සුවිශේෂ අවධානයක් යොමු වන කරුණක්. ඔබතුමා වෙත පැවරුණු අසීමිත බලය ඉවත් කර ව්‍යවස්ථා සංශෝධනය මගින් සාධනීය වැඩපිළිවෙළක් සඳහා පසුබිම සකස් කරන්න.

සර්ව පාක්ෂික අන්තර්කාලීන පාලන ක්‍රමයක් පිහිටවන්න. ඊට පසු මහ මැතිවරණයකට යාම සඳහා පසුබිම සකස් කරන්න. ඔබතුමාගේ අසාර්ථක භාවය පිළිගත්තා සේමඉදිරියේ දී අසාර්ථක භාවයෙන් ගොඩ එන්න අවංක උත්සාහයක් තියෙනවා නම් මෙන්න මේක තමයි වැඩපිළිවෙළ අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා කරුණාකර නිවැරදි වෙන්න කියා’

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles