Friday, March 29, 2024

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි..

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මේ වනවිට (22) ආරම්භ වී තිබෙනවා.

ඒ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදියි.

මෙලෙස දිවුරුම් දෙන කැබිනට් අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව පහතින් දැක්වේ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

– ඩග්ලස් දේවානන්ද ධීවර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

– අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ සුසිල් ප්‍රේම ජයන්තයි.

– ප්‍රවාහන හා මාර්ග ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් බන්දුල ගුණවර්ධන දිවුරුම් දුන්නා.

– කෙහෙලිය රඹුක්වැල්ල දිවුරුම් දුන්නේ සෞඛ්‍ය යන සම්පාදන අමාත්‍යවරයා ලෙසයි.

– කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර දිවුරුම් දුන්නා.

– විජේදාස රාජපක්ෂ අධිකරණ , බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

– හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස යළි දිවුරුම් දුන්නා.

– ප්‍රසන්න රණතුංග හා නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

– විදුර වික්‍රමනායක බුද්ධ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ වරයා ලෙස දිවුරුම් දුන්නා.

– කාංචන විජේසේකර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

– පරිසර අමාත්‍යවරයා ලෙස අහමඩ් නසීර් දිවුරුම් දුන්නා.

– රොෂාන් රණසිංහ අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩල වෙනුවෙන් වාරිමාර්ග හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නා

– මනුෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

– ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලෙස දිවුරුම් දුන්නා.

– නලින් ප්‍රනාන්දු දිවුරුම් දුන්නේ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles