Thursday, April 25, 2024

නිදන කාමර හුටපටයක් හේතුවෙන් දුම්රිය ධාවනය ඇණහිටි

දුම්රිය රියදුරන්ගේ නිදන කාමර ප්‍රශ්නයක් හේතුවෙන් පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වන කාර්යාල දුම්රිය සතියක් පමණ ධාවනය අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ රියදුරන්ගේ නිදන කාමර අතර අංක 528 පොල්ගහවෙල – කොළඹ දුම්රියේ රියදුරු මහතාගේ නිදන කාමරය ද ඇති බවත් එම කාමරයේ මහනුවර – පොල්ගහවෙල දුම්රියේ රියදුරු මහතාට ද නිදාගැනීමට ලබාදීමට විරෝධය දක්වමින් අංක 528 දුම්රියේ රියදුරු මහතා දුම්රිය ධාවනයෙන් ඉවත්ව ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශය කීය.

විශාල මගීන් පිරිසක් අපහසුවට පත්කරමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වුවත් එම රියදුරුට දිනකට පැය 18 ක අතිකාල දීමනාවක් ගෙවීමට ද සිදුව ඇති බව ද ප්‍රවාහන අමාත්‍යංශය කියයි.

මෙම තත්වයෙන් දිනපතා දුම්රියෙන් කාර්යාල බලා ගමන් ගන්නා දහස් ගණනක මගීන් දැඩි අසීරු තත්වයකට මුහුණ දී සිටින බව කී ප්‍රවාහන අමාත්‍යංශය දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින රියදුරන්ගේ හිඟය හේතුවෙන් දිගින් දිගටම අතිකාල දීමනා ලබමින් රියදුරන් සේවයේ නිරත වී සිටින බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles