Saturday, April 20, 2024

යුක්රේන යුද්ධය චීන – මැද පෙරදිග සම්බන්ධතා වැඩි කරයි

යුක්රේනයේ යුද්ධය එහි තුන්වන මාසයට එළැඹ ඇති අතර එය චීනය සහ මැද පෙරදිග ප්‍රධාන රාජ්‍යයන් අතර වැඩි සම්බන්ධතාවයන් ඇති කර තිබෙන බව විදෙස් විශ්ලේෂකයෝ පවසති.

ඒ අනුව, චීනය සහ එහි මැදපෙරදිග හවුල්කරුවන් යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් පමණත් නොව වෙනත් බොහෝ අවස්ථාවන්හි එකම පැත්තේ සිට කටයුතු කිරීම ආරම්භ කර ඇති බව පැවසේ.

මෑත කාලීන එක්සත් ජාතීන්ගේ යෝජනා සදහා වන ඡන්ද විමසීම්වලින් මෙම තත්වය නිරීක්ෂණය කළ හැකි බව අන්තර්ජාතික දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

පෙබරවාරි 26 වෙනිදා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය, යුක්රේනයට එල්ල කරන ප්‍රහාරය වහාම නතර කර සියලු හමුදා ඉවත් කර ගැනීමට මොස්කව්ගෙන් ඉල්ලා සිටින යෝජනාවක් සදහා වන ඡන්ද විමසීමක් පැවැත්වීය.

එහිදී ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනෙකු වන චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්යය එහිදී ඡන්දය දීමෙන් වැළකී සිටීම කැපී පෙනිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles