Thursday, March 28, 2024

කාළගුණය රළු වෙයි. – මුහුදු ගිය යාත්‍රාවකුත් පෙරලෙයි..!

දිවයිනේ සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේදී මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, ගාල්ල – හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර තද සුළං ඇතිවිය හැකි අතර එම අවස්ථාවලදී මීටර් 2.5 ත් 3 ත් අතර උස් මුහුදු රළ ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.

මේ අතර, පවතින සුළං සහ මුහුදු රළ හේතුවෙන් වත්තල – ඇළකන්ද ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවක් අද අලුයම 5 ට පමණ දික්ඕවිට මුහුදු තීරයේදී පෙරලී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles