Wednesday, April 24, 2024

සාමය වෙනුවෙන් පාකිස්තානුවෝ යළිත් විරෝධතාවේ

පෙෂාවර්හිදී පසුගියදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය සහ පළාතේ සටන්කාමීත්වය යළි හිස එසවීම හෙළා දකිමින්, පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වාහි විවිධ නගරවල දින ගණනාවක් තිස්සේ, දහස් ගණන් ජනතාව මහමගට පැමිණ විරෝධතා පවත්වමින් සිටිති.

මහජන නැගිටීම යන සටන් පාඨය යටතේ මොහ්මන්ඩ්, මලකන්ද්, ලක්කි මාර්වට් සහ තවත් ප්‍රදේශවල රැසක විරෝධතා රැලි පැවැත්වුණු බව වාර්තා සඳහන් කරයි.

මොහ්මන්ඩ් රැලියට සහභාගී වූ ප්‍රමුඛ නායකයන් අතර පෂ්ටූන් ටහෆුස්  වයාපාරයේ නායක මන්සූර් පෂ්තීන් සහ අවාමි ජාතික පක්ෂයේ පළාත් ප්‍රධාන ලේකම් සර්දාර් හුසේන් බබාක් ද වූහ.

මෙම පෙළපාලිවලට සහභාගි වූවන්ගෙන් වැඩි පිරිස තරුණයෝ වූ අතර, ඔවුන් සටන්කාමීත්වය තුරන් කර තිරසාර සාමය සහතික කරන ලෙස පාකිස්ථාන රජයට බලකරමින් සුදු කොඩි, පුවරු සහ බැනර් අතැතිව සිටිති.

මේ අතර මලකන්ද්හි දේශපාලන පක්ෂවල කම්කරුවන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් වීදි බැස තම භූමියේ කල්පවත්නා සාමයක් ඇති කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles