Friday, April 19, 2024

හිරෙන් නිදහස් වූ ටිබෙට් භික්ෂුව අවසන් ගමන් යයි.

ටිබෙටයේ චීන පාලනයට විරුද්ධ වීම නිසා වසර හයක් සිරගතව සිටි ටිබෙට් භික්ෂුවක් 2018 දී සිරෙන් නිදහස් වීමෙන් පසු සෞඛ්‍ය තත්ත්වය දුර්වල වී හිද පසුගියදා මිය ගොස් ඇති බව වාර්තා වේ.

ටිබෙට් අභ්‍යන්තර මූලාශ්‍රයක සඳහන් වන්නේ ටිබෙට් ස්වතන්ත්‍ර ප්‍රාන්තයේ ඩ්‍රැගෝහි පදිංචිව සිටි ගෙෂේ ටෙන්සින් පල්සාං සැප්තැම්බර් මාසයේදී ඔහුගේ තත්ත්වය හදිසියේ නරක අතට හැරීමෙන් මිය ගිය බවයි.

මෙය ඔහු සිරගෙදරදී අත්විඳින ලද වධහිංසා සහ නිදහස් වීමෙන් පසු වෛද්‍ය පහසුකම් නොමැතිකම නිසා සිදු වූ මරණයක් යනුවෙන් වාර්තා පල වී තිබේ.

ඩ්‍රැගෝ ආරාමයේ භික්ෂුවක් වන පල්සාං, බීජිං පාලනයට අභියෝග කරමින් පෙළපාලියක් සංවිධානය කිරීමේ චෝදනාව මත 2012 අප්‍රේල් 2 වන දින රඳවා ගනු ලැබිණ.

ඉන් පසුව, ඔහු විරෝධතාවයට සම්බන්ධ වූ බවට චෝදනා කරමින් වසර හයක සිර දඬුවමක් නියම කරනු ලැබ තිබිණ.

කලින් ස්වාධීන රාජ්‍යයක් වූ ටිබෙටය මීට වසර 70කට පෙර බලහත්කාරයෙන් ආක්‍රමණය කර චීනයට ඈදා ගන්නා ලද අතර එතැන් සිට චීන බලධාරීන් ටිබෙට්වරුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් සීමා කරමින් සහ සංස්කෘතික හා ආගමික අනන්‍යතාවය සාමකාමීව ප්‍රකාශ කිරීම සීමා කරමින් කලාපය මත දැඩි බලපෑම් එල්ල කර ඇති බවට චෝදනා නැගී තිබේ.

පල්සාං 2018 අප්‍රේල් මාසයේදී නිදහස් කරන ලද නමුත් චීන බලධාරීන් ඔහුට නිරන්තරයෙන් හිරිහැර කර ඇති බවට ද මාධ්‍ය වාර්තා පළව ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles