Thursday, March 28, 2024

චීන බලධාරීන් බෞද්ධ ප්‍රතිමාවක් විනාශ කළ බවට චෝදනා!

මධ්‍යම ටිබෙටයේ කාම් දාග්‍රෝ ප්‍රදේශයේ බෞද්ධ ආශ්‍රමයක ස්ථාපිත කර තිබූ අඩි 600 ක් පමණ උස බෞද්ධ ප්‍රතිමාවක් චීන බලධාරීන් විසින් විනාශ කර ඇති බවට චෝදනාවක් එල්ල වී තිබේ.

මීට අමතරව, මෙම ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන ඉවත් කිරීමටත්, ආගමික පාසල් තහනම් කිරීමටත් චීන බලධාරීන් කටයුතු කරමින් සිටින බවට ද වාර්තා පළවී ඇත.

මෙම තත්වයට එරෙහිව ,ඉන්දියාවේ ධර්මශාලා ප්‍රදේශය ආශ්‍රිතව වෙසෙන ටිබෙට් ජාතිකයෝ දහස් ගණනක් පසුගියදා විරෝධතාවයක ද නිරත වූහ.

එහිදී ඔවුන් සදහන් කළේ චීන ආණ්ඩුව විසින් ක්‍රමානුකූලව ටිබෙටයේ බෞද්ධ උරැමය වනසමින් සිටින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles