Thursday, March 28, 2024

ටිබෙට් විශ්ව විද්‍යාල සිසුවෙකුට වසර තුනක සිර දඬුවම්

ටිබෙට් ජාතික සරසවි සිසුවකු වසර තුනක සිර දඬුවමකට යටත් කිරීමට චීන පරිපාලනය කටයුතු කර තිබේ.
ඒ ටිබෙටයෙන් පිටුවහල් කළවුන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා කරමිනි.
මෙම සිසුවා චීන ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන මාස හයක් තිස්සේ රහසිගතව රඳවා තබාගෙන සිට ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
මෙම සිදුවාට අදාළ දඬුවම ජූනි 5 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදී ඇති අතර ඔහු රජයේ රහස් පිටුවහල් කළ පුද්ගලයන්ට සැපයූවේය යන චෝදනාව යටතේ මෙලෙස සිර දඬුවමට ලක්ව ඇත.
කෙසේ නමුත් රාජ්‍ය රහස් යනුවෙන් හැඳින්වෙන්නේ කවර කරුණුද අදාළ සිසුවා විසින් එසේ පිටුවහල් කළ පුද්ගලයන් සමඟ බෙදාගෙන ඇත්තේ කවර තොරතුරුද යන්න මෙතෙක් චීන බලධාරීන් විසින් හෙළිදරව් කර නැත.
මේ අතර රේඩියෝ ෆ්‍රී ඒෂියා සඳහන් කරනුයේ මෙම සිසුවා තම ආයතනයට සම්බන්ධව සම්පත් දායකයකු වශයෙන් කටයුතු කළ හෙයින් ඔහුට මේ ආකාරයෙන් ඔත්තු බැලීම, රාජ්‍ය රහස් හෙළදරව් කිරීම යන චෝදනා එල්ල කර දඬුවම් පමුනවා තිබෙන බවයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles