Friday, April 19, 2024

තහනම් නොතකා පකිස්තානයේ පෙළපාලි

පාකිස්තාන හරිපූර් සීමාවේ පෙළපාලි සහ රැස්වීම් දින 15ක් සඳහා තහනම් කර තිබියදීත්, පාකිස්තාන් තරීක්-ඊ-ලබ්බෙක් (TLP) සංවිධානයේ ප්‍රධානී අල්ලාමා සාද් රිස්වි සිය දහස් ගණන් ආධාරකරුවන් සමඟ දැවැන්ත විරෝධතා පෙළපාලි පවත්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම පෙළපාලිවලට සම්බන්ධ වූවන් පොලු මුගුරුවලින් සන්නද්ධය සිටි බව ද විදෙස් වාර්තාවල දැක්වේ.

TLP ප්‍රාදේශීය නායකත්වයට අනුව, රටේ අනෙකුත් ප්‍රදේශවලින් පැමිණි අය ද ඇතුළුව රැලියට සහභාගී වූවන් 30,000 ඉක්ම වූ නමුත් නිල මූලාශ්‍රයක් අනුව එම සංඛ්‍යාව 6,000 ත් 7,000 ත් අතර බව පැවසේ.

තරීක්-ඊ-ලබ්බෙක් (TLP) සංවිධානය පකිස්තානයේ ක්‍රියාත්මක දැඩි අන්තවාදී සංවිධානයක් බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles