Tuesday, April 23, 2024

දෙපැත්ත කන බවට තුර්කියට චෝදනාවක්

යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව රුසියාවට පනවා ඇති බටහිර සම්බාධක ක්‍රියාත්මක නොකිරීමට නේටෝ සාමාජික රටක් වන තුර්කිය තීරණය කර ඇති අතර මෙය තුර්කිය විසින් වාසි ලබා ගැනීම‍ට සිදුකරන්නක් බවට චෝදනා නැගී තිබේ..

තුර්කි ජනාධිපති තායෙෆ් එර්දාගොන් යුද්ධය ආරම්භයේදී රුසියානු ආක්‍රමණය ජාත්‍යන්තර නීතිය පැහැදිලිවම උල්ලංඝණය කිරීමක් බව සදහන් කළත් පසුව තුර්කියේ බලශක්ති, සංචාරක සහ ආරක්ෂක අතින් සමීප බැඳීම් ඇති මොස්කව් සමග සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගැනීමට කටයුතු කර ඇති බව පැවසේ.

ඒ අනුව තුර්කි ජනාධිපතිවරයා රුසියාවට සහ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව බටහිර රටවල් පනවා ඇති සම්බාධක ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටින අතර සම්බාධක මග හැරීමේ ක්‍රම පවා යෝජනා කර ඇති බව විදෙස් වාර්තා දක්වයි.

මෙම තත්වය විග්‍රහ කරමින් අන්තර්ජාතික විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ තුර්කිය මෙහිදී අදාළ වන පාර්ශව දෙකම දිනාගෙන වාසි ලබා ගැනීමට උත්සහ කරන බවයි.

පසුගියදා ඇමරිකාව විසින් ගුවන් යානා නාශක පද්ධති, Kyiv හි ආරක්‍ෂාව තර කිරීම සඳහා යුක්‍රේනයට යවන ලෙසට කළ ඉල්ලීමක් ද තුර්කිය විසින් ප්‍රතික්ෂේප කර තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles