Saturday, August 13, 2022

ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ප්‍රභල ක්‍රීඩකයන් දෙදෙනකුට කොවිඩ් ආසාදිත වෙයි..!

ඕස්ටේ්‍රලියාවට එරෙහි ව හෙට ආරම්භ වන දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයට සහභාගි වීමට නියමිතව සිටි ධනංජය ද සිල්වා ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි වාර්තා වනවා.

එම ක්‍රීඩකයන් වෙනුවෙන් දඟ පන්දු යවන්නන් වන ප්‍රභාත් ජයසූරිය සහ ලක්ෂාන් සදකැන් සංචිතයට කැදවා ඇති බව සදහන්.

මීට පෙර කොවිඩ් ආසාදිත වූ ඇන්ජලෝ මැතිව්ස් මේ වනවිට සංචිතයට පැමිණ සිටින අතර ප්‍රවීන් ජයවික්‍රම මීට පෙර ආසාදිතයෙකු බවට හදුනා ගැණුනා.

මේ අතර තරඟ සංචාරයක් සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියා.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම සමඟ තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය ලබන 16 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි ආරම්භ වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles