Saturday, April 20, 2024

යුක්රේනය ඉන්දියාව සමඟ සබඳතා ඉහල නංවයි

ඉන්දියාවට රුසියානු තෙල් සැපයීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින නමුත්, යුක්රේනය ඉන්දියාව සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික හා ආරක්ෂක සංවාද ක්‍රමයෙන් ඉහල නැංවීමට පියවර ගනිමින් සිටී. විශේෂයෙන් පසුගිය මාස තුන තුළ යුක්රේනය ඉන්දියාව සමග පවත්වන සංවාදවලට නව ව්‍යුහාත්මක හැඩයක් ලබා දීමට උත්සහ කරමින් සිටින බව වාර්තා සඳහන් කරයි.

ඉන්දියාව සමඟ යුක්රේනයේ ගැඹුරු වන බැඳීම යුක්රේන පාර්ශවය විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට පසුගිය වකවානුවේ යොමුකරන ලද ලිපි කිහිපයකින් හෙළිවන බව ‘ද හින්දු’ පුවත්පත පෙන්වාදෙයි. ‘හින්දු වාර්තාවට අනුව යුක්රේන ජනාධිපති වොලොඩ්මියර් ශෙලෙන්කි සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතරත්,  යුක්රේන ජනාධිපති කාර්යාලයේ ප්‍රධානී ඇන්ඩ්‍රී යෙර්මාක් සහ ඉන්දියානු පාර්ශවයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අතරත් මෙම ලිපි හුවමාරුවී තිබේ.

පසුගිය දෙසැම්බර් 09වැනි දින යවන ලද ලිපියකින්, යුක්රේනියානු පාර්ශවය විසින් අගමැති මෝදි සහ ජනාධිපති සෙලෙන්ස්කි අතර දුරකථන ඇමතුමක් සඳහා ආසන්න දිනකදී කටයුතු සැලසුම් කිරීමට සහාය වන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා ඇත. ඒ යුක්රේන-ඉන්දියානු ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ නවතම සංවර්ධනයන් සහ අපේක්ෂාවන් පිළිබඳව සහ උද්ගත විය හැකි ගැටළු සාකච්ඡා කිරීම සඳහායි.

ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ යෙර්මාක් අතර පැවැත්වූ දුරකථන සංවාදයකින් දිනකට පසුව මෙම ලිපිය යොමුකර තිබේ. යුක්රේනයේ ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනුව, ඩොවල් සහ යෙර්මාක් දෙසැම්බර් 08 වන දින දුරකථන සංවාදයක් පවත්වා ඇති අතර, එය සෙලෙන්ස්කි විසින් ආරම්භ කරන ලද “යුක්රේනයේ මානුෂීය මුලපිරීම” නම් සාමය වෙනුවෙන් වූ වැඩසටහනේ ආරම්භය සටහන් කරන බවද ‘හින්දු’ පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles