Wednesday, April 24, 2024

ඉන්දියාවේ නාගරික විරැකියා අනුපාතය තවදුරටත් පහළට

ඉන්දියාවේ නාගරික විරැකියා අනුපාතය 2022-23 (FY23) ජූලි-සැප්තැම්බර් කාලය තුළ අඛණ්ඩව පස්වන කාර්තුව සඳහා 7.2% දක්වා පහත වැටී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තාවක දැක්වේ.

ඒ අනුව සැප්තැම්බර් කාර්තුවේ සියලුම වයස් සඳහා වත්මන් විරැකියා අනුපාතය 2017 අප්‍රේල් මාසයේදී ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය විසින් සමීක්ෂණය දියත් කළ අවස්ථාවේ සිට වසර හතරකට වැඩි කාලයක් තුළ වාර්තා වූ අඩුම විරැකියා අනුපාතය වේ.

පිරිමි සහ ගැහැණු අතර විරැකියා අනුපාතය පිළිවෙලින් සියයට 6.6 සහ 9.4 ලෙස ඇස්තමේන්තු කර තිබේ.

මීට පෙර, ඉන්දියානු ආර්ථිකය නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMIE) විසින් නිකුත් කරන ලද මාසික දත්ත ද පෙන්වා දී ඇත්තේ අගෝස්තු මාසය හැර දෙවන කාර්තුවේ රැකියා විරහිත අනුපාතය 7% ට වඩා අඩු මට්ටමක පැවති බවයි.

CMIE දත්ත අනුව, සැප්තැම්බර් මාසයේ දී ශ්‍රම වෙලඳපොලවල් ශක්තිමත් ප්‍රබෝධයක් ඇති වූ අතර, විරැකියා අනුපාතය 6.4% දක්වා පහත වැටී, අගෝස්තු මාසයේ 8.3 හි සිට, මාස 12 ක ඉහළම මට්ටම වාර්තා කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles