Friday, March 29, 2024

චීනය හොංකොං මැතිවරණ ක්‍රමයට කණපිට හරවයි.

චීනයේ බලපෑම් හේතුවෙන් හොංකොංහි දිස්ත්‍රික් මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදුකළ පුලුල් වෙනස්කම් හේතුවෙන් එහි නියෝජනය විකෘති කර ඇති බවට චෝදනාවක් එල්ල වී තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවක් මගින් අනාවරණය කර ඇත්තේ, සිදුකර ඇති මෙම සංශෝධන ඔස්සේ නිලතල දැරීමේ හැකියාව චීනය විසින් පරීක්ෂා කර අනුමත කරන ලද අපේක්ෂකයින්ට පමණක්” ලබා දී ඇති බවයි.

මෙම තත්වය තුළ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් හරහා සාමකාමීව තම රජය වෙනස් කිරීමේ හැකියාව හොංකොං වැසියන්ට අහිමි වී ඇති බවත් ව්‍යවස්ථාදායක සභාවේ ආසන සඳහා තරඟ කළ හැක්කේ කාටද යන්න තීරණය කිරීමට බලය චීනයට ලබා දී ඇති බවත් අදාළ වාර්තාව විසින් පැහැදිළි කර දී තිබේ.

මැතිවරණ ප්‍රතිසංස්කරණවලින් පසු පැවති ඡන්ද විමසීම්වලදී චීන හිතවාදී අපේක්ෂකයන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට හේතුව එය බවත් එම වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles