Wednesday, April 24, 2024

චීන ඔත්තුකරුවෙකුට ඇමරිකාවෙන් වසර විස්සක සිර දඩුවමක්

ගුවන් සමාගම්වල වෙළඳ රහස් සොරකම් කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සින්සිනාටි නගරයේ අධිකරණයක් විසින් චීන බුද්ධි නිලධාරියකුට වසර 20 ක සිර දඬුවමක් නියම කළ බව වාර්තා වේ.

42 හැවිරිදි යැන්ජුන් ෂූ, ඇමරිකානු ගුවන් සමාගම් ඉලක්ක කර චීනයට යාමට සේවකයින් බඳවා ගත් අතර, මහජන චීන සමූහාණ්ඩුවේ රජය වෙනුවෙන් ඔවුන්ගේ හිමිකාර තොරතුරු ලබාගත් බව පැවසේ.

එක්සත් ජනපද නීතිපති දෙපාර්තමේන්තුවේ කෙනත් පාකර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇමරිකානු වෙළඳ රහස් සොරකම් කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට එරෙහිව එක්සත් ජනපදය ක්‍රියා කරන බවත් මෙම නඩුව ඊට පැහැදිලි පණිවිඩයක් බවත්ය.

නොවැම්බර් 5 වෙනිදා, ෆෙඩරල් ජූරි සභාවක් විසින් ආර්ථික ඔත්තු බැලීම සඳහා කුමන්ත්‍රණය කිරීම, වෙළඳ රහස් සොරකම් කිරීමට කුමන්ත්‍රණය කිරීම, ආර්ථික ඔත්තු බැලීමට උත්සාහ කිරීම සහ වෙළඳ රහස් සොරකම් කිරීමට උත්සාහ කිරීම යන චෝදනා මත ෂූ වරදකරු කරන ලදී.

ෂූ වෘත්තීය බුද්ධි නිලධාරියෙකු ලෙස, 2003 දී රාජකාරි ආරම්භ කළ අතර, චීනයේ බුද්ධි හා ආරක්ෂක ඒජන්සිය වන චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුර දක්වා වන ඉහළ තනතුරු දරා තිබේ.

උසාවි ලේඛන සහ නඩු විභාග සාක්ෂි අනුව, අවම වශයෙන් 2013 දෙසැම්බර් මාසයේ සිට, ෂූ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ලෙස පිළිගත් එක්සත් ජනපදයේ සහ විදේශයන්හි නිශ්චිත සමාගම් ඉලක්ක කර තොරතුරු රැස් කර ඇති බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles