Saturday, April 20, 2024

චීනය සහ වියට්නාමය අතර වෙළෙදාම පහළට

කොවිඩ්-19 ආරක්ෂක පියවරයන් දැඩි කිරීම සහ දේශසීමා තදබදය හේතුවෙන් චීනය සමඟ වියට්නාමයේ ගොඩබිම් වෙළඳාම මේ වසරේ පළමු මාස හතර තුළ තියුණු ලෙස පහත වැටී ඇති බව වාර්තා වේ.

රේගු දත්තවලට අනුව, වියට්නාම සමාගම් දේශසීමා හරහා චීනයට ඩොලර් මිලියන 509 ක් වටිනා භාණ්ඩ නැව්ගත කර ඇති අතර චීනයෙන් වියට්නාමයට වන ආනයනය ඩොලර් බිලියන 3.64 දක්වා සියයට 52.5 කින් පහත වැටී තිබේ.

චීනයේ ශුන්‍ය-කොවිඩ් උපාය මාර්ගය සහ දේශසීමා සංචලනය දැඩි ලෙස පාලනය කිරීම වෙළඳාමට විශාලතම බලපෑමක් ඇති කර ඇති බව වියට්නාම කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශය පවසයි.

ප්‍රවාහනය, සැපයුම් සහ දේශසීමා වෙළඳාමේ යටිතල පහසුකම් නොමැතිකම එම තත්ත්වය වඩාත් නරක අතට හැරවීමට හේතු වී ඇති බව ද එම අමාත්‍යංශය පවසයි.

චීනයට පලතුරු අපනයනය සඳහා වියට්නාමයේ ප්‍රධාන ස්ථානය වන Lang Son Tan Thanh දේශසීමා දොරටුව හරහා දිනකට රේගු නිෂ්කාශනය ලැබෙන්නේ වාහන 100කට පමණක් බවත්, එය කොවිඩ් වසංගතයට පෙර මට්ටමෙන් තුනෙන් එකක් පමණක් බවත් සදහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles