Saturday, April 20, 2024

හම්බන්තොට චීනයට දුන්නේ ඇයි?

චීනයේ අධි තාක්ෂණික නෞකාවක් වන යුවාන් වැන්ග්-5 ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට සේන්දුවීමට නියමිත වීමත් සමග චීනය එම වරාය භාවිත කරන පරමාර්ථයන් මේ වන විට බරපතල ලෙස ප්‍රශ්නගතවී තිබේ. 2017 වසරේදී ශ්‍රී ලංකාව විසින් හම්බන්තොට වරාය චීනයට 99 අවුරුද්දකට බදුදෙන අවස්ථාවේදී ඊට අදාළ ගිවිසුමේ සඳහන් වුයේ චීනය විසින් වරාය වාණිජ කටයුතු වෙනුවෙන් පමණක් භාවිත කලයුතු බවත්, ශ්‍රී ලංකාවේ හෝ කලාපයේ ආරක්ෂාවට බලපාන කිසිදු ක්‍රියාකාරකමක් වෙනුවෙන් මෙම වරාය භාවිත නොකළ යුතු බවත්ය. එහෙත් යුවාන් වැන්ග්-5 නෞකාවට ලබන අගෝස්තු 11 වැනිදා වරායට ඇතුළුවීමට අවසරය ලබාදීමත් සමගම ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන්ම හම්බන්තොට වරායට අදාල ගිවිසුම ශ්‍රී ලංකා පාර්ශ්වයෙන්ම උල්ලංඝනය කිරීමට අනුබලය ලබාදී ඇති බව දැකගන්නට ඇත.

චීනය විසින් හම්බන්තොට යුදමය කටයුතු සඳහා යොදා නොගන්නා බවට ශ්‍රී ලංකාව ඉන්දියාවට සහතික වුවද, විශේෂයෙන්ම කොළඹ සෑම විටම චීනයට අදාළ ඉන්දීය ආරක්‍ෂාව පිළිබඳ සංවේදී බවක් නොපෙන්වන බැවින් ඉන්දියානු කනස්සල්ල දිගටම පවතී. හම්බන්තොට වරාය යනු ඉන්දියාවට පවතින උපායමාර්ගික හිසරදයකි. එය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රධාන භූමියෙන් කිලෝමීටර 150ක පමණ එතරම් විශාල නොවන දුරකිනි. එමනිසා පැහැදිලිවම සිය අධි තාක්ෂණික උපකරණ උපයෝගී කරගනිමින් ඉන්දියාව පිළිබඳව ඔත්තු බැලීමේ හැකියාව පවතින මෙම නෞකාව හම්බන්තොට වරායට ඇතුළුවීම සහ දින 07ක කාලයක් එහි රැඳී සිටීම වරාය පිලිබඳ ගිවිසුමේ වගන්ති පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි. අනෙක් අතට චීනය මේ වන විට හම්බන්තොට වරාය සංවර්ධනය කර ඇත්තේ බහුවිධ අවශ්‍යතා සම්පුර්ණ කරගත හැකි මධ්‍යස්ථානයක් ලෙසිනි. දහවල් කාලයේදී වෙළඳ කටයුතුවල නිරතවන වරාය රාත්‍රියේදී දේශපාලන හා මිලිටරි තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් ඔත්තු බැලීමේ කටයුතුවල නිරතවනු ලබන බව මේ වන විට ශ්‍රී ලංකාවට අලුත් තොරතුරක් වුවද ඉන්දියාවට එය රහසක් නොවේ. එමනිසා ඉන්දියාවට පමණක් නොව ශ්‍රී ලංකාවටද බරපතල අවදානමක් නිර්මාණය කරමින් හම්බන්තොට වරායට ඇතුළුවීමට නියමිත මෙම චීන නෞකාව වරාය පිලිබඳ ශ්‍රී ලංකා නීතියද උල්ලංඝනය කෙරෙන බව ශ්‍රී ලංකා රජය පැහැදිලිවම අවබෝධ කරගත යුතුය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles