Saturday, April 20, 2024

තිරිඟු පිටි මිල ඉහලට?

තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල යළිත් රුපියල් 35කින් ඉහළ දැමීමට මෙරටට තිරිඟු පිටි ආනයනය කරන සමාගමක් කටයුතු කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 මිටියක තොග මිල මේ වනවිට රුපියල් 12,500ක් දක්වා මිල ඉහළ ගොස් ඇති අතර මීට ටික කලකට පෙර එය පැවතියේ රුපියල් 4000කට පහළින් බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සිහිපත් කරනවා.

මෙරටට තිරිඟු පිටි ගෙන්වන්නේ සමාගම් දෙකකින් පමණක් වන අතර එයින් එක් සමාගමක් ඊයේ (17) දිනයේදී මෙම මිල වැඩිකිරීම සිදුකර ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන සඳහන් කරන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles