Thursday, April 25, 2024

ඉන්දියාවට කීර්තියක් ගෙන දෙන කාශ්මීරයේ ක්‍රීඩිකාවන්ගේ කතා

කලක් පසුගාමී කාන්තාවන් ලෙස කටයුතු කළ ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ ක්‍රීඩිකාවන් මේ වන විට ජම්මු සහ කාශ්මීර නියෝජනය කරමින් ජාතික මට්ටමේ දී මෙන්ම ඉන්දියාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තලයේදී ද රටට කීර්තියක් ගෙන දෙමින් ඇති බව වාර්තාවේ.

කාශ්මීරයේ එවැනි කාන්තා ක්‍රීඩා තරු පිළිබඳව කාශ්මීර්හි ක්‍රීඩා වාර්තාකරුවකු වන යාකොබ් අලි පසුගියදා විශේෂ වාර්තාවක් එළිදක්වා තිබුණා.

ඒ අතරින් කාශ්මීරයේ පළමු කාන්තා ජාත්‍යන්තර රෝද පුටු පැසිපන්දු ක්‍රීඩිකාව වන 27 හැවිරිදි ඉන්ෂා හට විශේෂ ස්ථානයක් හිමිවනවා.ඇය දැනට දිල්ලි විශ්ව විද්‍යාලයෙන් සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MSW) හදාරමින් සිටිනවා.

හදිසි අනතුරක් නිසා සිය පාද දෙකම අහිමි වීම නිසා විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී තිබියදීත් ඇය ලොව පුරා සිටින ආබාධිත පුද්ගලයින්ට ආශ්වාදයක් ගෙනදෙමින් 2019 මාර්තු මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියාව නියෝජනය කළ අතර, කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස ජම්මු සහ කාශ්මීරය නියෝජනය කරමින් 2019 වසරේ මොහාලි පන්ජාබ්හි පැවති ජාතික ශූරතාවලියට සහභාගී වූවා.

ඊට අමතරව ජම්මු සහ කාශ්මීරහි පළමු කාන්තා පාපන්දු පුහුණුකරු නාඩියා නිගාට් මධ්‍යම කාශ්මීරයේ ශ්‍රීනගර් දිස්ත්‍රික්කයේ රම්බාග් ප්‍රදේශයෙන් පැමිණ 2007 දී වයස අවුරුදු 12 දී පාපන්දු ක්‍රීඩා කිරීම ආරම්භ කරන ලද තැනැත්තියක්.

ඇය වයස අවුරුදු 19න් පහළ පාසල් ජාතික, සමස්ත ඉන්දීය ජ්‍යෙෂ්ඨ ජාතික ශූරතාව, ඉන්දීය කාන්තා ලීගය. ජ්‍යෙෂ්ඨ සමස්ත ඉන්දීය ජාතික ශූරතාව, ජ්‍යෙෂ්ඨ සමස්ත ඉන්දීය ජාතික ශූරතාව සහ කාන්තා ලීග රැසක් ක්‍රීඩා කර තිබෙනවා.

කාශ්මීර ජාත්‍යන්තර කරාතේ ශූරී මෙහෙරින් බන්ද්‍රි, කාශ්මීරයේ ජාත්‍යන්තර වුෂු ශූරී ශාදියා ටාරික් සහ කාශ්මීරයේ පළමු කාන්තා රග්බි පුහුණුකරු සොලිහා යූසුෆ් රටට කීර්තියක් ගෙන දුන් තවත් කාන්තාවන් කිහිප දෙනෙක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles