Friday, April 19, 2024

චීනයේ කොවිඩ් පරීක්ෂණ නිසා රටේ දළ දේශීය නිෂ්පාදිතයට බලපෑම්

චීනයේ දැඩි කොවිඩ් පරීක්ෂණ ප්‍රතිපත්තිය එරට දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සියයට 1.5 කින් පමණ බලපෑම් කරනු ඇතැයි පුරෝකථනය කර ඇති බව වාර්තා වේ.

චීනය සිය කෝවිඩ් පරීක්ෂණ වේගවත් කර ඇති අතර, පොදු ස්ථාන, කාර්යාලවලට සහ පාසල්වලට ඇතුළු වීමට පමණක් පැය 48 ක් තුළ න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය වේ.

කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ සඳහා චීනයේ ප්‍රධාන නගරවල පමණක් වසරකට යුවාන් ට්‍රිලියන 1.7ක් හෝ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5ක් පමණ වැය විය හැකි බවට ගණන් බලා තිබේ.

එපමනක් නොව, චීනයේ ශූන්‍ය කොවිඩ් උපාය මාර්ග ප්‍රතිපත්තිය චීන ජනතාවගේ එදිනෙදා ජීවන තත්වය කෙරෙහි දැඩි බලපෑම් එල්ල කර ඇති බව ද පැවසේ.

ගෝලීය කොවිඩ් වසංගතයට වසර දෙකකට වැඩි කාලයක් ගත වී ඇති අතර චීනයේ PCR පරීක්ෂණ, නිරෝධායන සහ ලොක්ඩවුන් සාමාන්‍ය ජීවිතයේ කොටසක් බවට පත්ව ඇති බව එරට වැසියෝ පවසති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles