Saturday, April 20, 2024

ඉන්දියාව ලොව 03 වැනි විශාලතම වාහන වෙළෙඳපොළ බවට පත්වේ

ඉන්දියාව ප්‍රථම වරට මෝටර් රථ අලෙවියෙන් ජපානය අභිබවා ගොස් ගෝලීය වශයෙන් තුන්වන ස්ථානයට පත් වී ඇත.

ජපානයේ අලෙවිය වූ මිලියන 4.2 ඉක්මවා යමින් පසුගිය වසරේ ඉන්දියාව නව මෝටර් රථ මිලියන 4.25ක් රට තුළ අලෙවි කර ඇති බවයි වාර්තාවන්නේ. ඉන්දියානු මෝටර් රථ නිෂ්පාදකයන්ගේ සංගමයට අනුව, 2022 ජනවාරි සහ නොවැම්බර් අතර පමණක් ඉන්දියාවේ බෙදා හරින ලද නව වාහන සංඛ්‍යාව මිලියන 4.13 කි.

දෙසැම්බර් මාසය සඳහා මරුටි සුසුකි විකුණුම් පරිමාවද එකතු කළ එම සංඛ්‍යාව විට මුළු ඒකක මිලියන 4.25 දක්වා ඉහළ ගොස් තිබේ.

2021 වසරේ අලෙවි වූ වාහන මිලියන 26.27ක් සමඟින් චීනය ගෝලීය වාහන වෙළෙඳපොළේ පෙරමුණ ගෙන සිටී. එක්සත් ජනපදය වාහන මිලියන 15.4 ක් සමඟ දෙවන ස්ථානයේ පසුවන අතර ජපානය මිලියන 4.44 ක් අලෙවි කර තිබිණි.

ඉන්දියාවේ, 2018 දී වාහන මිලියන 4.4 ක් පමණ අලෙවි වූ නමුත් 2019 දී විකුණුම් මිලියන 4 ට වඩා අඩු විය. ඒ මූලික වශයෙන් එම වසරේ බැංකු නොවන අංශයට බලපෑ ණය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසයි. කොවිඩ් ආශ්‍රිත අගුලු දැමීම හේතුවෙන්, එය 2020 දී මිලියන 3 සීමාවට වඩා පහත වැටිණි. 2021 දී විකුණුම් ඒකක මිලියන 4කට ආසන්නව දක්වා ඉහළ ගිය නමුත්, වාහන පරිපථ නොමැතිකම නිසා වර්ධනයට බාධා ඇති විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles