Wednesday, April 24, 2024

දේශපාලන වංචනිකයින් මර්දනය කරන ලෙස චීන ජනාධිපතිගෙන් ඉල්ලීමක්

දේශපාලන වංචනිකයින් මර්දනය කරන ලෙස පසුගියදා බීජිං හි පැවති කොමියුනිස්ට් පක්ෂයේ  වාර්ෂික රැස්වීම අතරතුර චීන ජනාධිපති ෂී ජින්පින් ඉල්ලා සිටි බව වාර්තා වේ.

අල්ලස ඉලක්ක කර ගනිමින් නීති සහ රෙගුලාසි තවදුරටත් වැඩිදියුණු කළ යුතු බවත්, අල්ලස් ලබා දෙන පුද්ගලයන් සඳහා ඒකාබද්ධ දඬුවම් යාන්ත්‍රණයක් වැඩිදියුණු කළ යුතු බවත් ෂී එහිදී ප්‍රකාශ කර ඇත.

චීනයේ දූෂණ විරෝධී ඒජන්සිය වන, විනය පරීක්‍ෂණ සඳහා වූ මධ්‍යම කොමිසමේ දෙවන සැසිවාරයට එක්වෙමින් ඔහු අවධාරණය කර ඇත්තේ, ඊනියා පසුබිම් ඇති දේශපාලන වංචනිකයින් දැඩි ලෙස මර්දනය කළ යුතු බවයි.

පසුගිය සතියේ සඳුදා පැවති රැස්වීම, චීනයේ දූෂණ විරෝධී ප්‍රධානීන්ගේ වාර්ෂික ඉහළ පෙළේ රැස්වීමක් වූ අතර, එහිදී ඉදිරි වසර සඳහා සිදුකරන කටයුතු කෙරෙහි අවධානය යොමු කර තිබේ.

විනය සහ දිරිගැන්වීම ඒකාබද්ධ කරන වඩාත් සමබර ප්‍රවේශයක් සකස් කරන ලෙස ෂී සිය කතාවේදී ඒවැඩිදුරටත් ඉල්ලා සිටි බව වාර්තා සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles