Wednesday, April 24, 2024

ෂී ජින් පින් මානව හිමිකම් ලොක්කීට දැමූ සද්දය හෙළිවෙයි.

චීන ජනාධිපති ෂී ජින් පින් එහි දින හයක සංචාරයකට එක් වී සිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ සමඟ වීඩියෝ සම්මන්ත්‍රණයක් ඔස්සේ සාකච්ඡා කරමින් සිය රටෙහි අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන අනුග්‍රාහක දේශන අනවශ්‍ය බව පැවසූයේ යැයි වාර්තා වේ.

මිචෙල් බැෂලේ සමඟ පැවති සංවාදයේදී චීනයේ මානව හිමිකම් පිළිබඳ වාර්තා ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතිවරයා චීනය කිසිදු “අනුග්‍රාහක” දේශනයක් පිළි නොගන්නා බව ඇයට ප්‍රකාශ කළ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ෂින්හුවා පවසා තිබිණි.

“මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් ගත් කල, දෝෂ රහිත පරිපූර්ණ ස්ථාන නොමැත.එබැවින් රටවලට අනුග්‍රහක දේශන අපට අවශ්‍ය නොවේ. මානව හිමිකම් ප්‍රශ්න දේශපාලනීකරණය කර වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට කඩතුරාවක් ලෙස භාවිතා කිරීමට අවස්ථාවක් නැතැ” යි ෂී ජින් පින් මෙහිදී පවසා තිබේ.

ඔවුන් දෙදෙනා ඔවුන්ගේ සංවාදයේදී ෂින්ජියැන්ග් හි සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව සාකච්ඡා කළේ දැයි වාර්තාවේ සඳහන් නොවීය.

“මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට” චීනය කටයුතු කරන ආකාරය පිළිබද ඇය “ප්‍රසාදය පළ කළ” බවට චීන මාධ්‍ය ප්‍රකාශයක් පළ කිරීමෙන් පැය කිහිපයකට පසු ඇයගේ කාර්යාලය එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇතැයි ද මේ අතර වාර්තා විය.

ඇයගේ ප්‍රකාශවල එවැනි ප්‍රශංසාවක් නොතිබුණු බවත් බැෂලේ ෂී ජනාධිපතිවරයාට “දේශීය, කලාපීය සහ ගෝලීය මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් සෘජුවම චීන රජය සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය බවත් අවධාරණය කළ බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles