Thursday, April 25, 2024

චීන ජනාධිපතිගේ ඉදිරි දේශපාලන ගමන් මග තීරණයට පෙලෝසිගේ සංචාරය නිර්ණායකයක්

චීනයේ ජනාධිපති ලෙස තුන්වන වරටත් ෂී ජින්පින් ජයග්‍රහණය කරන්නේද යන්න සඳහා එක්සත් ජනපද සභා කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය සහ ඒ සම්බන්ධයෙන් ජින්පින් ප්‍රතිචාර දක්වන ආකාරය නිර්ණායකයක් බවට පත්වනු ඇති බවට වාර්තා පළවී තිබේ.

අන්තර්ජාතික දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ එක්සත් ජනපදය සමඟ හෝ තායිවානය සම්බන්ධයෙන් සබඳතා හැසිරවීමේදී ෂීට කිසිදු වැරැද්දක් කිරීමට නොහැකි බවයි.

එළඹෙන සතියේ, ෂී හෙබෙයි පළාතේ මුහුදු වෙරළේ නිවාඩු නිකේතනයේ වාර්ෂික බෙයිඩෙයිහේ රැස්වීමේදී පක්ෂයේ හිටපු නායකයින් හමුවීමට නියමිත අතර මෙම රැස්වීම දේශීය ගැටලු සාකච්ඡා කිරීමට අදාළ තීරණාත්මක මොහොතක සිදුවේ.

එහිදී ඔහු මුණගැසෙන නායකයින් අතර හිටපු චීන ජනාධිපති ජියැන්ග් සෙමින් ද සිටින අතර ඔහුගේ ධුර කාලය තුළ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී නිව්ට් ගින්ග්‍රිච් වසර 25 කට පෙර තායිවානයට සංචාරය කළේය.

ජියැන්ග් ගින්ග්‍රිච් සමඟ දක්ෂ ලෙස කටයුතු කළ අතර ඔහුගේ කාලය තුළ එක්සත් ජනපදය සමඟ සබඳතා සැලකිය යුතු ලෙස වර්ධනය වූ බව ද පැවසේ.

ෂී වර්තමාන තත්වය කළමනාකරණය කරන ආකාරය අනිවාර්යයෙන්ම ජියැන්ග් ගේ හා සසඳනු ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

කෙසේ වෙතත් වර්තමාන ජනාධිපති කටයුතු කරන ආකාරය හා ලබා ඇති ජයග්‍රහණ අතින් ජියැන්ග් සහ හූ ජින්ටාඕ අභිබවා ගොස් ඇති බවත්, අභ්‍යන්තර දේශපාලනය, එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ තායිවාන ආරවුල දක්ෂ ලෙස සමතුලිත කළ හැකි බවත් පෙන්වීමට ෂී සිය ජනාධිපති ධුර කාලය පුරාම උත්සාහ දරා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles