Thursday, April 25, 2024

ෂී ජින් පින්ගේ කැමැත්තක් ගැන බයිඩන්ගෙන් හෙළිදරව්වක්

විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කර ගැනීමට චීන ජනාධිපති ෂී ජින් පින් කැමති බව එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් පවසයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා බාලිහි පැවති ජී විස්ස සමුලුවට සමගාමීව චීන ජනාධිපති ෂී ජින්පින් හමුවූ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ චීන ජනාධිපතිවරයා ඇතැම් කරුණු සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කර ගැනීමට කැමති බවයි.

ෂී සමග පැවැති හමුවේ දී ස්වයං පාලන තායිවානය ආක්‍රමණය කිරීමට චීනය ගන්නා උත්සාහයට තමා අර්ථකථනයන් එක් නොකළ බව ද බයිඩන් හෙළි කළේය.

තායිවානය ආක්‍රමණය කිරීමට චීනයේ ආසන්න උත්සාහයක් ඇතැයි තමන් නොසිතන බවත් නව සීතල යුද්ධයක් ඇති විය යුතු නැති බවත් බයිඩන් සදහන් කර ඇත.

ෂී ජින්පිං සෘජු හා අවංක බවත් ඔහු ඇතැම් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් සම්මුතියකට යාමට කැමැත්තෙන් සිටී බවත් බයිඩන් තවදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles