Friday, April 26, 2024

ඉන්දියා-මියන්මාර දේශසීමාවේ සොමි ජනයා සටනට සැරසේ.

චින්, කුකී හෝ ලුෂායි ලෙස කලින් හැඳින්වූයේ බුරුමය, ඉන්දියාව සහ බංග්ලාදේශයේ ගෝත්‍රික නොවන මිනිසුන්ගෙන් යුත් ප්‍රජාවකි.

නිදහසට පෙර යුගයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් ‘ඔවුන් ඇමතීමට “වල් කඳුකර ගෝත්‍රිකයන්’ ලෙස ද භාවිතා කර තිබිණ.

සොමි ජනයා ලෙස පසුව මෙම ගෝත්‍රය ඉන්දියා-මියන්මාර දේශසීමා කලාපයේ පදිංචි වී තිබේ.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මිසෝරාම් හි ඔවුන්ගේ භූමියට ව්‍යවස්ථාපිත ආරක්ෂාවක් ලබා දුන්නද, බුරුමයේ 2008 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මියන්මාර රජය ඔවුන්ගේ ඉඩම්වල සහ එහි සම්පත්වල අවසාන හිමිකරු ලෙස ප්‍රකාශ කළේය.

සෝගම් ලෙස හඳුන්වන ගෝත්‍රිකයන් වාසය කරන ප්‍රදේශය නැගෙනහිරින් බුරුමයෙන් ද උතුරින් ඉන්දියාවෙන් ද බටහිරින් සහ දකුණින් බංග්ලාදේශයෙන් ද මායිම් වේ.

එය මේ වන විට මියන්මාර රජය විසින් අල්ලා ගෙන තිබේ.

මනිපූර්හි සෝමි ජනයාට දැන් ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ දේශය අහිමි විය හැකි බවට බියක් පවතී.

2015 දී මනිපූර් රජය මෙම කඳුකර ප්‍රජාවන් විසින් කලින් භුක්ති විඳි දේපල පිළිබඳ අයිතිවාසිකම් අවසන් කිරීමට උත්සාහ කළේය.
රජය ඒ සඳහා නීති තුනක් සම්මත කළා. කෙසේ වෙතත්, බරපතල පසුබෑමකින් පසු මේවා අවලංගු කරන ලදී.

ආණඩුව එතැන් සිට දකුණු මනිපූර්හි සොමි ගම්මාන සියයකට අධික ප්‍රමාණයක් ඇතුළත් වූ විශාල භූමි ප්‍රදේශයක් කාහියම් වනජීවී අභයභූමිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, සොමි ප්‍රජාවට වනාන්තරයට සහ එහි සම්පත් වෙත පාරම්පරික ප්‍රවේශය අවහිර කර තිබේ.

මෙම තත්වය හමුවේ අදාළ ජනතාව තම අයිතිවාසිකම් දිනාගැනීම සදහා සටන් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles