Saturday, July 27, 2024

ආණ්ඩුව ‘ධන බද්ද’ පණවයි!

ලොකු දේපළ හිමි පුද්ගලයන්ගෙන් 2025 වාර්ෂයේ සිට නව බද්දක් අය කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මෙම බද්ද හඳුන්වා දීමට බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව බවද ඔහු සඳහන් කළේය.

විශාල වශයෙන් දේපොළ පවතින පුද්ගලයන්ගෙන් එම බද්ද අය කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සමහර දේපළ හිමියන්ගේ ඉඩකඩම් ඇතුළු දේපළ නිසි පරිදි ගණනයවී නැතැයි පෙනී ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් යෝජනා ගණනාවක් මුදල් අමාත්‍යාංශයට ලැබීය ඇත. එම යෝජනා පිළිබඳව ද අමාත්‍යාංශයේ ඉහළ අවධානය යොමුවීඇත.

Related Articles

Latest Articles