Tuesday, September 24, 2024

ගෝඨාගේ අණ කඩන රණවීරගේ ගෝලයෝ : ජනාගේ හඬපටයක් එළියට

ප්‍රාදේශීය සභාවන් ගොඩනැගිලි තැනීමට අවසර නොදෙන කුඩා ඉඩම්වල නිවාස තැනීමේ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන යුවල…

ජනාධිපති කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව කැලණිය වරාගොඩ පාරේ අනවසරයෙන් ඉදිකරනු ලබනු ලබන ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනපති කාර්යාලය විසින් කැලණිය ප්‍රාදේශීය සභාවට කරන ලද දැනුම්දීම මඟ හැරීමෙන් පසුව එම කාර්යාලය ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට පවරා ඇති බව වාර්තා වේ.පසුව ග්‍රාම නිලධාරීවරයා විසින් අදාල ස්ථානය පරීක්ෂා කර අනවසර ගොඩ නැගිල්ල ඉදිකිරීම් අත්හිටුවන ලෙසත්, එයට අවසරයක් දී ඇත්නම් එය පෙන්වන ලෙසත් ඉදිකිරීම් සිදුකරනු ලබන වාද්දූවේ තුෂාර ගුණතිලක නැමැති දොස්තරවරයාට හා සජීවනී සෝලංගආරච්චි නැමැති නීතීඳවරියට දන්වා තිබේ.

ඔවුන් දෙදෙනා අදාළ අවසරය පෙන්වීම මඟහරිමින් සිට පසුව නිවාඩු දිනයන්හිදී එම ඉදිකිරීම කඩින් කඩ සිදු කිරීමට කටයුතු කරමින් සිටින බව පැවසේ.

එම කොන්ත්‍රාත්තුව පවරා ඇත්තේ ත්‍රීරෝද රථ රියැදුරෙකු වන ඉන්දික නැමැත්තෙකුටය. දොස්තර හා නීතීඥවරයාගේ ඡාවාරම් වලට මොහු හවුල්කරුවකු ලෙස සම්බන්ධව සිටින බව ප්‍රදේශවාසීහු කියති.

දොස්තරවරයා ජනපති අනද නොතකා පොලිසිය මෙල්ලකරගනිමින් මේ කටයුතු කරමින් සිටින්නේ ඔහුට ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගේ සහය ලැබෙන නිසා බව පැවසේ.

මොහු ව්‍යාජ ලියවිලි ඉදිරිපත්කර ඇති බවට කැලණිය පොලිසියට අසල්වැසියකු පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් ඒ සඳහා පොලිසිය මෙතෙක් නිසි විභාගයක් කර නොමැත.

ඒ දොස්තර තුෂාර නැමැත්තා පොලිසිය, රජයේ නිලධාරීන් ඇතුළු සියලු පුද්ගලයන් ව්‍යාජ ගොඩනැගිලි සැලැසුමක පෙන්වමින් නොමග යවා අදාළ ඉදිකිරීම් සිදුකරන බැවිනි.

එම සැලැසුමට 2019 – 11 – 27 වැනිදා කැලණිය ප්‍රාදේශීය සභාව අවසර ලබාදී ඇති බවට දොස්තරවරයා ප්‍රකාශකරමින් අදාළ ව්‍යාජ ලිපියවිල්ල ඉදිරිපත් කළද කැලණිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය  වන එල්.ඒ. මංජුලා සමන්ති නැමැත්තිය 2018-01-01 සිට 2019-12-31 දින දක්වා කිසිදු සැලැසුමක් අනුමැතියට ඉදිරිපත් කර නැතැයි කියා සිටී. ඇය මේ බව හෙළිකර ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදු කළ විමසීමකදීය.

එසේම ඔහු ඊට අමතරව වසර ගණනක් පැරණි සැලැසුමක් පෙන්වමින් නිලධාරීන් පිරිසක් මුලාකර තිබේ.

අදාළ ඉඩමට සැලැසුමක් කිසිම අයුරකින් ඉදිරිපත් කළ නොහැකි බව වැඩ අධිකාරී (සැලැසුම්) ජේ.ලියනගේ මහතා (ජනා) කියයි. මේ ඔහු විසින් කළ ප්‍රකාශයයි.

පහත දැක්වෙන්නේ තුෂාර විසින් මිලදී ගෙන ඇති ඉඩමේ පිඹුරයි එය කට්ටිකර ඇත්තේ වැඩ අධිකාරී (සැලැසුම්) ජේ.ලියනගේ මහතා කියන අකාරයට 2001 න් පසුවය. එසේ නම් එයට ප්‍රාදේශීය සභාව සැලැසුමක් අනුමත කර ඇත්තේ කෙසේද?

මේ ජාවාරම්කාර දොස්තරවරයා විසින් සිදුකරනු ලබන තවත් වංචාවක් සම්බන්ධ තොරතුරක් පසුගිය දිනවල ඔවුන් සම්බන්ධයෙන් පළවූ පුවත්පත් වාර්තා මත අප වෙත එවා තිබේ.

එයද පහත දැක්වේ. එසේම ඔහු විසින් සිදුකරන මහා බෙහෙත් ඡාවාරමක් සම්බන්ධ තොරතුරු අප ඉදිරියේදී හෙළිකරන්නෙමු.

සබැඳි පුවත්
ගෝඨාට එරෙහිව කැලණියේ ප්‍රසන්න පළමු වෙඩිල්ල පත්තු කරයි !

Related Articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles