Tuesday, September 24, 2024

ගෝඨාට එරෙහිව කැලණියේ ප්‍රසන්න පළමු වෙඩිල්ල පත්තු කරයි !

ජනාධිපති කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව කැලණිය වරාගොඩ පාරේ අනවසරයෙන් ඉදිකරනු ලබනු ලබන ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනපති කාර්යාලය විසින් කැලණිය ප්‍රාදේශීය සභාවට කරන ලද දැනුම්දීමක් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගේ මැදිහත්වීමෙන් විසිකර දමා ඇතැයි වාර්තා වේ.

ඊට හේතුවී ඇත්තේ ජනපති කාර්යාලයෙන් මේ සොයා බැලීම සිදුකරන ලෙස දන්වා ඇත්තේ ප්‍රසන්ගේ දේශපාලන මිතුරුකමක් සහිතව කුඩා ඉඩම්වල ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපාරයක් සිදුකරගෙන යනු ලබන තුෂාර ගුණතිලක නැමැති දොස්තරවරයෙකු හා සජීවනී සෝලංගආරච්චි නැමැති නීතීඳවරියක විසින් වීමය.

මේ දෙදෙනා අඹු සැමියන් බවද පැවසේ.

එම ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය විසින් මේ ඉදිකිරීම නවත්වන ලෙසට අදාළ යුවලට කිහිප විටක් දැනුම්දී ඇති බවද වාර්තා වේ.

කෙසේවුවද, පළාතේ මන්ත්‍රීවරයා වන ප්‍රසන්නගේ බල පුලුවන්කාරකම් මත අදාළ ඉදිකිරීම් සිදු කිරීම නිසා සභාපතිනිය දැඩි අපහසුතාවයට පත්ව අතැයි ද වාර්තා වේ.

ප්‍රාදේශීය සභාවන් ගොඩනැගිලි තැනීමට අවසර නොදෙන කුඩා ඉඩම්වල නිවාස තැනීමේ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන යුවල…

මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට පැමිණිලි කර ඇත්තේ යාබද නිවසක හිමිකරුවෙකු විසිනි.

ඔහු කැලණිය පොලිසියට ද කිහිප විටක් පැමිණිලි කර ඇති අතර කැලණිය පොලිසියේ පැමිණිල්ල නිරීක්ෂණයට පැමිණි නිලධාරියා පැමිණිලිකරුට පවසා ඇත්තේ අදාළ අය බල පුලුවන්කාරයින් බවත්, ඔවුන්ට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළහොත් තනි තනි වශයෙන් නඩු පවරන බවට අදාළ නීතීඥවරිය තර්ජනය කළ බැවින් තමන්ට කිසිවක් කළ නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් ජනපතිවරයාට කියා හෝ සහනයක් ලබා ගන්නා ලෙසට ඔහුට කරන ලද දැනුවත් කිරීමකට අනුව යාබද නිවසේ හිමිකරු විසින් පසුව ජනාධිපති කාර්යාලයට මේ පැමිණිල්ල කර තිබේ.

ජනපතිවරයාට මේ සම්බන්ධයෙන් යොමුකර තිබූ ලිපිය පහත දැක්වේ.

ජනාධිපතිවරයා වෙත ලිපිය භාරදෙන අවස්ථාවේ එහි ඉදිකිරීම් පැවැති තත්ත්වය…..

මේවන විට එහි ඉදිකිරීම් සිදුකර ඇති ප්‍රමාණය…

දැනටත් එහි ඉදිකිරීම් සිදුකරන අයුරු…..

 

 

 

Related Articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles