Saturday, July 27, 2024

විරෝධතාව පලදරයි. වැටුප් වැඩිකරන්නට ආණ්ඩුව තීරණය කරයි..

එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය අමතා ඊයේ (30) පැවසීය.

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ පඩියද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කරුණු සඳහන් කළේ කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදීය.

ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව දැනගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් කණ්ඩායම් එය ඔවුන්ගේ බලපෑම අනුව සිදු වූ බවට පැවසීමට උත්සාහ දැරීම කිසිදු පදනමක් නැති කතාවක් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය. දිනෙන් දිනම බඩු මිල වැඩි වෙනවා මිස අඩු වීමක් සිදු නොවන තත්ත්වය යටතේ වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තුන්වැනි අයවැය යෝජනාවලිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම අයවැය යෝජනාවලිය මගින් වැටුප වැඩි කිරීමක් කරන බවට රජයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුයේ ඊයේ ජනාධිපතිවරයා කළ සඳහනත් සමඟය.

Related Articles

Latest Articles