Saturday, July 27, 2024

ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව සංගමයෙන් ඉතිහාසගත වැඩක්!

චීනය සහ සිරිලක අතර පවතින දීර්ඝකාලීන මිතුදමේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය විසින් ප්‍රකාශයට පත්කරන මා හැඟි කෘතියක් අද (16) දිනයේ එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

“ශ්‍රී ලංකා – චීන මිතුදම” කෘතිය සංස්කරණය කර ඇත්තේ, ශ්‍රි ලංකා – චීන මිත්‍ර සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ ආනන්ද ගුණතිලක මහතා ප්‍රමුඛ සංස්කාරක මඬුල්ලක් විසිනි

එම කෘතිය තුළ කලා, දේශපාලන,ආර්ථික සහ සාමාජීය වැනි ක්ෂේත්‍ර රැසක සාරගර්භ ලිපි රැසක් අන්තර්ගත කර ඇත. විවිධ විද්වතුන්, බුද්ධිමතුන් රැසක බුදධිමය දායකත්වයෙන් සංග්‍රහ කර ඇති මෙම කෘතිය එළැඹෙන 16 වැනි බ්‍රහස්පතින්දා සවස 3.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ මණ්ඩල ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය.

මෙම උත්සවය සඳහා සහභාගීවීමට කැමති සියලුම දෙනා හට නොමිලයේ මෙම කෘතිය පිරිනැමීමට එම සංගමය තීරණය කර ඇත. ඔබ විසින් කළ යුත්තේ 071 809 8970 අංකයට අමතා ඔබේ විස්තර ලබාදී පැමිණිම සනාථ කිරීම පමණි.

Related Articles

Latest Articles