මන්ත්‍රීවරුන්ට ‘වියත්පුරෙන්’ නවීන නිවාස 200ක් – යෝජනාව අගමැතිගෙන්

0
360

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමට හා මාදිවෙන මන්ත්‍රී නිවාස පිහිටි භූමියේ නිවාස 200ක් ඉදිකිරීම සඳහා වන යෝජනාවක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස යෝජිත ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තු නිර්දේශ ලබාගෙන නොමැති වීම හේතුවෙන් එම යෝජනාව සංශෝධනය කර නව සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් උක්ත නිර්දේශ ලබාදී ඇත.

ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබාගැනීමේ පසුව එම නිර්දේශ සැලකිල්ලට ගෙන අවශ්‍ය නම් නව සංදේශයක් ඉදිරිපත් කළ හැකි බවද කාරක සභාව නිර්දේශ කර තිබෙනවා .


මෙම යෝජනාව මින් ඉහතත් ගෙන ආ එකක් වන නමුත් යෝජිත ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශය  ලබාගෙන නොමැති වූ නිසා එම වගන්ති සංශෝධනය කර අලුතින් ඉදිරිපත් කර තිබේ.
නිවාස ඉදිකිරීමට පමාවීම ගැන රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව මෙකී අඩුපාඩුව පෙන්වාදීමෙන් පසු නැවත අලුත් යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඉක්මනින් එයට අනුමැතිය හිමිවනු ඇතැයි වාර්තා පළවේ.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here