අගමැතිගේ අධීක්ෂණයෙන් -ආයෝජන සහ සංචාරක ප්‍රවර්ධනයට නව ආයතනයක්

0
296

ආයෝජකයන්ට බාධාවකින් තොරව ආයෝජන ආරම්භ කිරීම සඳහා ආයෝජන සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා පූර්ණ බලැති ආයතනයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
රජය පිහිටුවන නව ආයතනය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඉක්මවන සහ බලතල සහිත සෘජු තීරණ ගැනීමේ අයිතිය හිමි යාන්ත්‍රණයක් වනු ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නව ආයතනය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඉදිරිපත් වන ආයෝජකයන්ට ප්‍රමාදයකින් බාධාවකින් හා අතරමැදි පාර්ශ්වකරුවන්ගෙන් තොරව කෙළින්ම මෙරට ව්‍යාපාර කටයුතු ඇරඹීමට සෘජු මාර්ගය සලසාදීම නව ආයතනය පිහිටුවීමේ ප්‍රධාන අරමුණවී තිබේ.
සිංගප්පූරුව, මැ‍ලේසියාව, තායිලන්තය ආදී රටවල් මුල් කාලයේදීද වියට්නාමය වර්තමානයේදීද ක්‍රියාත්මක කරන ආයෝජන හා සංචාරක ප්‍රවර්ධන ආයතන ව්‍යුහය සැලකිල්ලට ගෙන මේ ආයතනය ස්ථාපිත කරන බව රජය ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here